Thursday, January 9, 2014

ඔබගේ මොනිටරය නිවැරදිව ක්‍රියා කරනවාදැයි බලාගන්න


මොනතරම් වේගවත් පරිගණකයක් ඔබ සතු වුවත් එහි ප්‍රතිදානය ඔබට ලැබෙන්නේ සාමාන්‍ය මොනිටරයෙන්. එම නිසා පරිගණකයේ වේගය ගැන සැළකිලිමත් වනවා සේම මොනිටරයේ ගුණාත්මක භාවය ගැමත් ඔබ සිතිය යුතු වෙනවා. අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ lcd මොනිටර්ස්, නමුත් කැතෝඩ කිරණ නළ මොනිටර තවමත් භාවිතා වෙනවා. මේ කුමක් භාවිතා කළත් ඔබගේ මොනිටරයෙහි සැකසුම් නිවැරදිව සකසා තිබීම වැදගත්. බොහෝ මොනිටර වල සමහර වර්ණයන් පෙනෙන්නේ නැහැ. ඒ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් ආදී කාරණා හරියාකාරව සකසා ගන්නට බොහෝ දෙනෙක් නොදන්නා නිසයි. මෙම ලිපියෙන් ඔබගේ මොනිටරයේ වර්ණයන්, ආලෝක තත්ත්වයන් හා ප්‍රමාණයන් හරියාකාරව සකසා ගන්නට උදව් වෙන මෘදුකාංග ඉදිරිපත් කර තිබෙනවා.


Eizo MonitorTest

මෙම මෘදුකාංගය පෝටබල් මොනිටර් calibration tool එකක්. මෙය ස්ථාපනය කර ධාවනය කළ විට ඔබට Brightness, Contrast, Homogeneity, Geometry, Convergence සහ Sharpness ආදී අංග පරීක්ෂා කරගත හැකි පරීක්ෂණයන් 24ක් ලැබෙනවා. එම එක් එක් පියවරේදී තිරයේ දර්ශනය විය යුතු දෑ යටින් දක්වා තිබෙනවා. එහි සඳහන් පරිදි යමක් තිරයේ දිස් නොවේනම් එම සඳහනේ ඇති දෑ (පමණක්) පෙනෙන ලෙස මොනිටරය සකසා ගත යුතුයි.

Download Eizo MonitorTest







 

උපුටා ගත්තේ අහුමුලුවෙන්.