Wednesday, January 8, 2014

කුඩා පින්තූර ගුණාත්මකව විශාල කර දෙන මෘදුකාංග..

කුඩා පින්තූර ගුණාත්මකව විශාල කර දෙන මෘදුකාංග දෙකක්


විවිධ අවස්ථා වලදී අප සතු විවිධාකාරයේ පින්තූර විශාල කර ගැනීමට අපට සිදු වෙනවා. ඔබ Photoshop වැනි පින්තූර සංස්කරණ මෘදුකාංග භාවිතා කරන්නේ නම් කුඩා පින්තූර විශාල කර ගැනීම සඳහා ෆොටෝෂොප් එතරම් සදුසු මෘදුකාංගයක් නොවන බව ඔබ දන්නවා ඇති. නමුත් කුඩා පින්තූර එම පින්තූරයේ ගුණාත්මක භාවයත් සැලකිය යුතු තරමින් රැකගෙනම විශාලනය කළ හැකි මෘදුකාංග තිබෙනවා. මෙම ලිපිය මගින් ඔබට වෘතීමය වශයෙන් භාවිතා කළ හැකි පින්තූරයක් 400%කින් විශාලනය කර දෙන මෘදුකාංගයක් ගැන සහ එවැනිම නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන විස්තර කොට තිබෙනවා.


SizeFixer



කුඩා පින්තූරයක්, ගුණාත්මක භාවයත් රැකගෙනම විශාලනය කළ හැකි හොඳම මෘදුකාංගය ලෙස SizeFixer හැඳින් වූවාට වරදක් නැහැ. මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. මෙහි නිශ්පාදකයන් පවසන පරිදි මෙමගින් පින්තූඅයක ප්‍රමාණය 400%කින් විශාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා. මූලිකවම MAC පරිගණක සඳහා නිර්මාණය වූ මෙම මෘදුකාංගය දැන් Windows පරිගණක වලටත් භාවිතා කළ හැකි ලෙස සකසා තිබෙනවා. 8-bit සහ 16-bit යන දෙවර්ගයේම පින්තූර සහ RGB, JPEG සහ TIFF යන ෆෝමැට් වල පින්තූර සඳහා SizeFixer සහය දක්වනවා. මෙම මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයක් පහත සබැඳියෙන් බාගත කර ගැනීමට හැකියි.

Download SizeFixer (trial)



SmillaEnlarger



කලින් සඳහන් කර ඇති මෘදුකාංගයේ අවම මිළ ඩොලර් 50 ඉක්මවා යද්දී SmillaEnlager නොමිලේ බාගත කොට භාවිතා කිරීමට පුළුවන්. SizeFixer තරම් පහසුකම් නැතත් සාමාන්‍ය භාවිතය සඳහා මෙම මෘදුකාංගයද ප්‍රමාණවත්. මුල් පින්තූරය විශාලනය කළ හැකි හොඳම ආකාරයට අවම වෙනස්කම් වලින් යුතුව මෙමගින් විශාලනය කෙරෙනවා. ප්‍රතිදානයේ sharpness, flatness ආදී අංශයන් ඇතුළු තවත් විවිධ අංශයන් ඔබට කැමතු පරිදි සකසා ගන්නට මෙම මෘදුකාංගයෙන් ඉඩ ලබා දෙනවා. මෙම මෘදුකාංගය පහත සබැඳියෙන් බාගත කළ හැකියි.

එය ස්ථාපනය කළ යුතු වන්නේ නැහැ. extract කොට ImageEnlarger.exe ඩබල් ක්ලික් කිරීමෙන් මෙය භාවිතා කළ හැකියි.

Download SmillaEnlarger


උපුටා ගත්තේ අහුමුලුවෙන්.