Tuesday, October 29, 2013

අනවශ්‍ය දෑ ඉවත් කර වෙබ් බ්‍රවුසරය වේගවත් කරමු



විවිධ මෘදුකාංග ස්ථාපනය කිරීමේදී අපට අවශ්‍ය නැති කරදරකාරී බ්‍රවුසර් ටූල්බාර් සහ ඇඩෝන ස්ථාපනය වනවා. Ask සහ Babylon ටූල්බාර් මෙයට හොඳම උදාහරණයි. එම මෘදුකාංග මගින් ඔබගේ බ්‍රවුසරයේ සෙවුම් යන්ත්‍රය, අලුත් ටැබ් පිටුව, හෝම් පේජ් එක ආදී නොයෙකුත් දෑ වෙනස් කරනවා. එළෙසම බ්‍රවුසරයේ වේගයට මේ කරදරකාරී ටූල් බාර් කෙළින්ම බලපානවා. මෙම කරදරයෙන් මිදී,ටානවශ්‍ය දෑ ඉවත් කොට යළි ඔබගේ වෙබ් බ්‍රවුසරයේ සුපුරුදු වේගය ලබාගන්නට හැකි මෘදුකාංගයක් ගැනයි මේ. මෙම මෘදුකාංගය ගූගල් ක්‍රෝම්, මොසිලා ෆයර්ෆිස් සහ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යන බ්‍රවුසර් තුනටම සහය දක්වනවා.

බ්‍රවුසරයට ඔබගේ අවධානයකින් තොරව ස්ථාපනය වුණ ඇඩෝන, ටූල්බාර් සහ වෙනස් වූ හෝම් පේජ් සහ අලුත් ටැබ් පිටුව යලි ඔබගේ අවශ්‍යතාවය පරිදි සකසා ගන්නට පහසුවෙන් මෙම මෘදුකාංගය භාවිතා කිරීමට පුළුවන්. එමෙන්ම බ්‍රවුසරයේ cache සහ history ආදිය මකා දැමීමටද Auslogics Browser Care නම් වූ මෙම මෘදුකාංගයට හැකියාව තිබෙනවා. Google Chrome, Mozilla Firefox සහ Microsoft Internet Explorer බ්‍රවුසර් තුනටම සහය දැක්වීම මෙහි ඇති ප්‍රධාන වාසියක්. පහත සබැඳියෙන් Auslogics Browser Care මෘදුකාංගය නොමිලේ බාගත කර ගැනීමට පුළුවන්.

Download Auslogics Browser Care

මෘදුකාංගය ක්‍රියාත්මක කරවීමට කලින් ඔබ භාවිතා කරන සියළුම බ්‍රවුසර් ක්ලෝස් කරන්න. මෙම මෘදුකාංගය භාවිතයට පහසු ආකාරයට ඉතා පැහැදිළි අතුරු මුහුණතක් සහිතව නිපදවා තිබෙනවා.


Auslogics Browser Care ප්‍රධාන වශයෙන් ටැබ් 3කින් යුක්ත වෙනවා. එක් ටැබ් එකකින් එක් බ්‍රවුසරයක් නියෝජනය වෙනවා. එහි Home Page ලෙස නම් කර ඇති ස්ථානයයේ අදාල බ්‍රවුසරයේ දැනට ඇති හෝම් පේජ් එක පෙන්වනවා. එයට ගූගල් හෝ වෙනත් ඔබට අවශ්‍ය වෙබ් අඩවියක් සැපයීම මගින් බ්‍රබුසරයේ හෝම් පේජ් එක වෙනස් කළ හැකියි.

එසේම Search Engine ලෙස සටහන් ස්ථානයෙන් Google, Yahoo, Bing, Amazon, Wikipedia, Twitter සහ eBay වැනි ඒවා අතරින් ඔබ කැමති සර්ච් එන්ජින් එක තෝරා එය බ්‍රවුසරයේ සර්ච් එන්ජින් එක බවට පත් කිරීමට පුළුවන්.









Toolbars and Add-ons කොටසින් ඔබට අනවශ්‍ය ටූල්බාර්ස් සහ ඇඩෝන තාවකාලිකව නවතා දැමීමට හෝ සම්පූරණයෙන්ම ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. Browsing Data Removal මගින් ම්‍රවුසරයේ Cache සහ History ඉවත් කරගැනීමටද පුළුවන්.

මෙම මෘදුකාංගය Windows XP, Windows Vista, Windows 7 සහ Windows 8 මෙහෙයුම් පද්ධති සඳහා සහය දක්වනවා.