Thursday, October 24, 2013

Command Prompt එකෙන් Drives හංගමු

1. Taskbar එකේ තියෙන Start Menu එක Click කරලා Run එකට යන්න.

2. Run එකේ cmd කියලා ගහලා enter කරන්න. (දැන් Command Prompt එක open වෙයි)

3. දැන් Diskpart කියලා ගහලා Enter කරන්න.

 

4. ඊට පස්සේ List volume කියලා ගහලා Enter කරන්න.

 

5. දැන් මෙතනින් ඔයාලට හංගන්න ඕන Volume එක තෝරගන්න. 

 

උදාහරනයක් විදියට select volume 6 ගැහුවොත් ඔයාලගේ volume 3 එක select වෙනවා.

6.ඊට පස්සේ Remove letter G කියලා ගහලා Enter කරන්න. 

 

(F කියන්නේ අදාල Drive එකේ අකුර)
7. දැන් ගිහිල්ලා බලන්න Drive එක Hide වෙලා ඇති.


හංගලා විතරක් මදිනේ.. හංගපු එක එලියට ගන්න විදියත් කියලා දෙන්න එපායැ..



1. අපි හංගන කොට කරපු 1 සිට 5 දක්වා පියවරවල් එහෙමම කරන්න.
2. assign letter G කියලා ගහලා Enter කරන්න. (G කියන්නේ උදාහරනේ හැටියට, අදාල Drive එකේ Letter එක තමයි දෙන්න ඕන)

ඔන්න ඉතිං ඕක තමයි වැඩේ.. හොඳ නම් Comment කරලා යන්න.. එහෙම කිව්වට කීයෙන් කී දෙනාද Comment කරන්නේ..