Thursday, October 31, 2013

Screen Capture කරන ලේසිම විදිය



මේ දාල තියෙන්නේ මම කියන්න යන Tool එකේ Icon එක....වැඩේ කියන්නේ මෙච්චර කල් Windows7 වල වැඩ කරාට මේ Tool එක ගැන හොයාගත්තේ මේ ඊයේ පෙරේදා...මේ වගේ ලේසියෙන් Screen Capture කරන්න පුළුවන් Tool එකක් ළඟ තියාගෙන නේ අපි මෙච්චර කල් වෙන වෙන softwares හොයල තියෙන්නේ....

හරි මෙන්න මෙහෙමයි මේ Tool එක Open කරගන්නේ.....

Start -> All Programs -> Accessories -> Snipping Tool



ඔහොම open කරගත්තට පස්සේ මෙන්න මෙහෙම window එකක් එනවා.....



දැන් Cursor එකෙන් තමන්ට අවශ්‍ය විදියට Capture කරන්න ඕනි කොටස තෝරාගන්න පුළුවන්...තමන්ට අවශ්‍ය වෙන Screen එකක් Open කරගන්න නම් "Cancel" Button එක Click කරලා අදාළ Screen එක Open කරගෙන ආයිත් "New" Button එක Click කරන්න...

ඊට පස්සේ මෙන්න මේ විදියට තමන් Capture කරපු Screen එක Open වෙනවා...



දැන් තියෙන්නේ Save As ගිහින් අවශ්‍ය Format(JPEG,PNG,GIF) එකට අනුව Image එක Save කරගන්න විතරයි....

ඒ වගේම Capture කරපු එකේ අවශ්‍ය තැන් විශේෂ කරලා පෙන්නන්න ඕනි නම් Pen එක හරි Highlighter එක හරි Use කරන්න පුළුවන්....ඒ වගේම Pen එකෙන් හරි Highlighter එකෙන් හරි ඇඳපු ඒවා අයින් කරන්න ඕනි නම් Eraser එකකුත් තියෙනවා....