Thursday, October 24, 2013

Windows XP Live CD එකක් හදමු


 Windows XP Live CD එකක් හදමු

ආයුබොවන්, ඔබ සියළු දෙනාටම, කොහොමද? ඔයාලට අලුත් දෙයක් අරගෙන මේ පැත්තට ආවා ඔන්න අද මම ඔයාලට කියන්න යන දේ නම් ඔයාලට මාතෘකාව දැකපුගමන් හිතා ගන්න පුළුවන්, ඒත් කරන විදිහ දන්නෙ නැද්ද? අහ් අවුලක් නැ අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ලෝකෙ වැඩිදෙනෙක් භාවිත කරන්නෙ Windows Operating System එක බව ඔබ සියළු දෙනා දැනටමත් දන්න දෙයක්. එහෙත් මේ අතරිනුත් Windows XP Operating System එක විශේෂයි, Windows හි නිපැයුම් වැඩි දෙනෙක් භාවිතයට හුරු උනේ මේ Windows XP දොරට වැඩීමෙන් අනතුරුවයි. ඔබ දන්නවා Linux Operating System බොහොමයක් තිබෙනවා, මේයා අපගේ Hard Drive එකට Install නොකර Live CD එකක් ආකාරයෙන් Run කර බැලීමේ අවස්ථාව අපට හිමිකර දී තිබෙනවා. එහෙත් වින්ඩෝස් සතුව මේ ගුනාංගය නැහැ. අපේ Operating System එක අවුල් උනොත්, Hard එකේ Backup එක ගන්න අවශ්‍ය වූ වෙලාවට මේ Live CD එක ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඉතින් ඔයාලා මේ Live CD එකක් කල්තියා හදලා තියාගත්තට වැඩි වෙන්නෙ නැහැ ඔන්න එහෙනම් අපි බලමු මේ Live CD එක සකස් කරගන්න පිළිවෙල පහතින් විස්ථර සහිතව.

මුලින්ම මේ සදහා අපට ප්‍රධාන වශයෙන් Windows XP Bootable CD එකක් අවශ්‍ය වෙනවා, ඒ වගේම කුඩා මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා, ඔබ මේ සදහා යොදාගන්නා Windows XP Bootable Disk එක සීරිලා එහෙම නැති එකක් වෙන්න ඕනෙ File Error තිබුනොත් Live CD එකෙත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්, ඒ නිසා හොය තත්වයේ තිබෙන CD එකක් හොයාගන්න. මුලින්ම 2GB පමණ Free Space එකක් තිබෙන Partition එකකට මේ Windows XP CD එකෙහි තිබෙන File සියල්ල Copy කරගන්න. (CD/DVD Rom එකට CD එක දාලා Right Click කරලා Copy කරන්න, පසුව Partition එකට ගිහින් Paste කරන්න)




Windows XP CD එකට අමතරම මේ සදහා අපිට කුඩා මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. PE Builder නමින් හදුන්වයි. 3MB තරම් කුඩා මෘදුකාංගයක් නිසා Slow Internet Connection එකක් තිබෙන කෙනෙකුට උනත් Download කරගැනීමට පුළුවන්, පහතින් එයත් Download කරගන්න.



මෙම Windows Live CD එක සකස් කිරීමේදී අපට මෙම මෘදුකාංගයට අමතරව විශේෂිත Plugin කිහිපයක් අවශ්‍ය වනවා, ඒ Task Bar එක Desktop එයිකන් සහ විවිද මෘදුකාංගයන් සදහා මෙම Plugin යොදාගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි Live CD එක සකස් කිරීමට ප්‍රථම මෙම Plugin ටිකත් Download කරගෙන සිටිමු. මෙත් සාමාන්‍ය 400Kb තරම් කුඩා .cab File එකකි, පහතින් මෙය Download කරගන්න.



Live CD එක සකස් කිරීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය සපයාගෙන අවසන්. එහෙත් ඔබට මේ සදහා එකතු කරගත යුතු විශේෂිත වැඩසටහන් තිබෙන්නට පුළුවන්, Live CD එකෙන් වැඩ කිරීමේදී මේ සදහා අපට අවශ්‍ය මෘදුකාගයන් යොදාගැනීමට පුළුවන් ඒ සියල්ල Portable විදිහට සකස් කරගත් මෘදුකාංග විය යුතුයි. Google Chrome, Firefox, VCL Player මේ ආකරයේ විවිද මෘදුකාංගයන්හි Portable Apps නොමිලේ Download කරගැනීමට පුළුවන්, ඔබට Live CD එකට මේ Apps යොදාගැනීමට අවශ්‍ය නම් පහලින් Download කරගන්න.



Code:
http://portableapps.com/news
Windows XP Live CD එක සකස් කිරීමට අවශ්‍ය සියළුම දේවල් මේවන විට අප සතුයි. මෙය සකස් කිරීම සදහා මා විසින් ඉහතින් Download කරගැනීමට ලබාදුන් PE Builder නම් මෘදුකාංගය පලමුවෙන්ම පරිගණකයට Install කරගන්න.

මෙම Live CD එකෙහි Background Wallpaper එක විදිහට ඔබට කැමති එකක් යොදාගැනීමට අවශ්‍ය නම්, මෙම PE Builder මෘදුකාංගය Install කරපු Path එකට යන්න, C Drive එකෙහි තිබෙන pebuilder3110a Folder එකම මෙම මෘදුකාංග Install විම සිදු වේ. මෙහි ඔබට දකින්න පුළුවන් bartpe.bmp File එක, ඔබට කැමති පිංතූරය මේ bartpe.bmp විදිහට Rename කර, මේ Folder එකට යොදාගෙන්න. ඔබ යොදාගත් Photo එක Wallpaper එක විදිහට ලබා ගන්න පුළුවන.

මෙය විවිත කිරීමට Admin Approval අවශ්‍ය වෙනවා, Windows XP සදහා නම් මෘදුකාංගය මත Double click කිරීමෙන් විවෘත කරගත හැකියි. එහෙත් Windows 7 User කෙනෙක් Right Click කර Run as Administrator ක්ලික් කරන මෘදුකාංග විවිත කරගන්න, එවිට පහත ආකාරයේ Window එකක් දකින්න පුළුවන.



මේ ඔබට දකින් තිබෙන්නෙ PE Builder මෘදුකාංගයි. මෙයිදී අපි විසින් Windows XP Live CD එකට අවශ්‍ය දේවල් එකතු කරගත යුතුයි. ඔබට මා මෙම ලිපියේ ආරම්භයේම සදහන් කලා මතක ඇති Windows XP Bootable Disk එකක Copy එකක් පරිගණකයට ලබා ගන්නා ලෙස. මෙම Window එකෙහි ඉහලම දකින්න පුළුවන් Source : (Path of Windows Installation Files) මේ සදහා අප විසින් Copy කරගතාගත් Windows File ඇතුලත් Path එක තොරදිය යුතුයි. ඉදිරියෙන් ඇති බට්න් එක ක්ලික් කරලා Windows XP CD එක තිබෙන ස්ථානය තෝරා දෙන්න. (අවශ්‍ය නම් CD Drive එකේ තිබියදීම මෙය සකස් කරගත යැකියි)

ඔබ විසින් ඉහතින් Download කරගත් Portable Apps සහ මේ Live CD එකට ඇතුලත් කරගත යුතු වෙනත් Files තිබෙනවානම් ඒ සියල්ලද එක Folder එකක් ඇතුලට Copy කරගන්න. පසුව මේ PE Builder මෘදුකාංගයෙහි තිබෙන Custom : (Include file and folder from this directory) ස්ථානයට එම Folder එක තිබෙන Path එක තොරා දෙන්න.

ඔබට මතක ඇති ඉහතින් අපි මේ සදහා අවශ්‍ය Plugins ඇතුලත් File එකක් Download කරගත්තා. එයත් අපි මේ සදහා ඇතුලත් කරගත යුතුයි. ඒ සදහා මෙයි තිබෙන Plugins බට්න් එක ක්ලික් කරන්න. පහත ආකායේ Window එකක් විවෘත වේවි.



මෙයි තිබෙන Add Button එක ක්ලික් කර Plugins File ඇතුලත් .cab File එක තිබෙන Path එක ලබා දෙන්න, කුඩා කවුළු දෙකක් විවෘත වේවා ඒවා ok කරන්න. එවිට එහි අතුලත් Plugins සියල්ල මෙයට එකතු කරගනී. පසුව මේ Windows එකෙහි තිබෙන Close Button එක ක්ලික් කර Windows එක ඉවත් කර දමන්න.

මෙහි Output ලෙස සටහන්ව තිබෙන ස්ථානට Name එකක් ලබා දෙන්න. මෙම Bootable Dist එක එය Path එකට සකස් කර දෙනු ඇත. මෙහිදී ඔයට මෙය CD එකකට පිටපත් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ISO Image File එකක් සකස් කර ගැනීමටද පුළුවන්. අපි ISO Image File එකක් සකස් කරගමු ඔබට අවශ්‍ය නම් CD එකකට පිටපත් කිරීමට පුළුවන් ඇ. Media Output හි තිබෙන ISO Image තොරගෙන, ISO එක Create කරගත යුතු Path එකත් තොරා දෙන්න.



දැන් ඔබ මේ සදහා වූ සියළුම Setting සාදාගෙන අවසන්. ඔබට දැන් තිබෙන්නෙ මෙය Build කරගැනීමයි. ඒ සදහා මෙයි තිබෙන Build බට්න් එක ක්ලික් කරන්න. එවිට කුඩා වින්ඩෝ එකක් පැමිනේවි Create Directory ලෙසින්, එය Ok කරන්න. අලුත් වින්ඩෝ එකකින් Windows XP Live CD එක Create වීම ආරම්භවනු ඇත.



මේ ඔබට දකින් තිබෙන්නෙ Windows XP Live CD එක Create විමයි. මෙහි මා රතු පාටින් Error සහ Warning ලකුණු කර පෙන්වා තිබෙනවා ඔබට පේනවා ඇති. මෙහි ඔබ භාවිත කරන Windows XP Disk එක අනුම මේ Error සහ Warning වැඩි, අඩු වෙන්න පුළුවන්, මේවා අවම ආකාරයේ Live CD එකක් සකස් කරගැනීමට හොද තත්වයේ CD එකක් යොදාගන්න, මා මෙව සකස් කරවූ CD එකෙහිදී එකදු Error සහ Warning එකක්වත් ලැබුනෙ නැහැ. දැන් ඔබ මේ Image File එක සකස් කිරීමට ලබා දුන් Path එක විවෘත කර බලන්න. ඔබට කින්න පුළුවන් වේවි Windows XP Live CD ISO Image File එක. මා මෙය ඔබට Virtual Box ආකාරයෙන් Run කර පෙන්වන්ම්.



මේ තියෙන්නෙ Virtual Box අදාරයෙන් Run කරගත් Windows XP Live CD එකයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහෙ XP Live CD එකක් හදාගන්න.


 උපුටා ගත්තේ එලකිරියෙන්