Dropbox සමඟ තරඟයට එන MediaFire Desktop වෙතින් 50GB ඉඩක් නොමිලේ
පසුගිය දෑ අවුරුද්දක කාලය පුරාවට cloud storage සංකල්පය ඉතා ජනප්‍රිය
මට්ටමකට පැමිණ තිබෙනවා. විවිධ මිළ ගණන් යටතේ විවිධ පහසුකම් වලින් යුත්
Dropbox, Bitcasa, SkyDrive හා Google Drive වැනි ජනප්‍රිය ක්ලවුඩ් සේවාවන්
ගණනාවක් අද අන්තර්ජාලයේ දකට ලැමෙනවා. ජනප්‍රියත්වය ගැන සිතන විට MediaFire
නාමයත් අමතක කළ නොහැකියි.
නමුත් මෙතැක් කලක් MediaFire භාවිතා වුණේ ඔන්ලයින් වෙබ් සේවාවක් හැටියට
පමණයි. අනෙක් ක්ලවුඩ් ඒවා මෙන් Desktop ඇප් එකක් MediaFire වෙත තිබුණේ
නැහැ. මේ ගැන අවධානය යොමු කළ ඔවුන් මේ වන විට Windows සහ Mac OSX සඳහා
MediaFire Desktop නිකුත් කර තිබෙනවා.
MediaFire Desktop ඇප් එක නිසා MediaFire සේවාවද අනෙක් ක්ලවුඩ් සේවාවන් හා
කරට කර තරඟ වදින මට්ටමකට පැමිණ තිබෙනවා. අප හොඳින් හඳුනන DropBox සේවාව
මෙන් ෆයිල් sync කිරීමේ, අප්ලෝඩ් හා ඩවුන්ලෝඩ් කිරීමේ, හුවමාරු කිරීමේ
පහසුකම් මෙම ඇප් එකෙහිද අන්තර්ගතයි.
විශේෂත්වය වන්නේ ඩ්‍රොප්බොක්ස් මෙන් නොව MediaFire විසින් ඔබට 50GB ඉඩක්
සැපයීමයි. සරල අතුරුමුහුණතක් සහිත මෙම මෘදුකාංගය භාවිතා කිරීම ඉතාමත්
පහසුයි. පහත සබැඳිය භාවිතයෙන් MediaFire Desktop ඇප් එක බාගත කළ හැකියි.
Download MediaFire Desktop
ස්ථාපනය කළ පසු සිස්ටම් ට්‍රේ එකට මෘදුකාංගයට අදාල අයිකනයක් එකතු වෙනවා.
එමගින් විවෘත කරගත හැකි මෘදුකාංගයේ ප්‍රධාන වින්ඩෝව මගින් ඔබ දැනට භාවිතා
කර ඇති ඉඩ ප්‍රමාණය ස්අහ දැනට ඉතිරිව ඇති ඉඩ ප්‍රමාණය බලාගත හැකියි. එමෙන්ම
සින්ක් විය යුත්තේ කුමන ෆෝල්ඩරද යන වගද මෙහිදී තෝරාගත හැකියි.
MediaFire Desktop හි ඇති තවත් වැදගත් අංගයක් නම් ශෙයා කිරීමට ඇති
හැකියාවයි. සමාජ ජාල වෙබ් අඩවි වල උපරිම වාසිය ලබා ගැනීමට මීඩියාෆයර්
විසින් උත්සාහ දරා තිබෙනවා. ඒ අනුව ඔබගේ ෆයිල්ස් Facebook, Twitter,
Google+, Pinterest, සහ Blogger සේවාවන් වල පහසුවෙන් හුවමාරු කළ හැකියි.
එලෙසම ෆයිල්ස් එම්බෙඩ් කිරීමේ පහසුකමද ඔවුන් සපයා තිබෙනවා.
සිස්ටම් ට්‍රේ එකට එකතු වූ අයිකනය මත රයිට් ක්ලික් කිරීම මගින් ඔබට ලැබී
ඇති මීඩියා ෆයර් notifications බලා ගැනීමට පුළුවන්. එනම් ඔබගේ ෆයිල්ස් ශෙයා
වී ඇති අන්දම, දැනට ඉතිරි ඉඩ ප්‍රමාණය ආදී කාරණායි. එළෙසම ඔබගේ ඩෙස්ක්ටොප්
එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ක්ෂණිකව ලබාගෙන එය අප්ලෝඩ් කර ශෙයා කිරීමටද
මෙමගින් හැකියාව ලැබෙනවා.
මෙහි සමස්ථ ක්‍රියාකාරීත්වය ගත් කළ DropBox වැනි ක්ලවුඩ් සේවාවන්ට
අතිශයින්ම සමානයි. ඔබගේ පරිගණකයේ සාඅදන MediaFire නම් ෆෝල්ඩරයේ ඇති ෆයිල්ස්
ඔන්ලයින් සින්ක් වීම සිදු වෙනවා.
MediaFire වෙබ් අඩවියේ අතුරුමුහුණතද අලුත් කරන්නට ඔවුන් අමතක කර නැහැ. දැන්
ෆයිල්ස් බාගත කිරීමට පෙර Video, Audio ඇතුළු ෆයිල් වර්ග 200කට අධික
ප්‍රමාණයක් පරීක්ෂා කර බැලිය හැකියි.
උපුටා ගත්තේ අහුමුලුවෙන්