"Camera Mouse" කියල කියන්නේ නොමිලේම ලබා දෙන මෘදුකාංගයක්. එම මෘදුකාංගයෙන් ඔබට අවස්තාව උදා කර දෙනු ලබනව හිස සෙලවීමකින් වින්ඩොස් පරිගණක වල "Mouse Pointer" එක පාලනය කිරීමට.

මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ ආබාධිත පුද්ගලයන් හට පරිගණක භාවිතා කිරීමට අවස්තාවක් උදා කරදීමයි. සමහර අබාධිත පුද්ගලයින් සිටිනවා තමන්ගේ අතපය නිසිලෙස වැඩ නොකරන හෝ ඒවා අහිමි වුන. නමුත් ඔවුන්ට තමන්ගේ හිස සෙලවීමට හැකියාව තිබෙනවා. එවැනි පුද්ගලයින් සඳහා මෙම මෘදුකාංගය මහෝපාකාරී වෙනවා.

එමගින් පරිගනකයේ තිබෙන ඕනෑම වැඩසටහනක් හැසිරවීමට හැකියාව තිබෙනවා.උදාහරණයක් විදියට විනොදාස්වාදක, අධ්‍යාපනික , සන්නිවේදන වගේ වැඩසටහන් හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි "Web Browser" මගින් අන්තර්ජාලය භාවිතා කිරීමටද හැකියාව තිබෙනවා.

මෙම මෘදුකාංගය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කරන්නේ Windows 8,7,Vista, xp මෙහෙයුම් පද්දතියෙන් යුතු පරිගනකයක් සහ සාමන්‍ය ආකාරයේ USB Webcam එකක් පමණයි.

මෘදුකාංගය නිර්මාණය කිරීමේ ගෞරවය (Boston College) වල "Prof. James Gips" සහ "Prof. Margrit Betke " යන මහාචාර්ය වරුන් වෙත හිමි වෙනවා.


මෙහි නවතම සංස්කරණය වෙන්නේ 2013 වර්ෂයේ මාර්තු මස 24 වෙනි දිනු නිකුත් කරනු ලැබූ "2.1" සංස්කරණයයි. එම සංස්කරණය පහල තියෙන ලින්ක් එකෙන් බාගන්න.






මෘදුකාංගය භාවිතා කරන අයුරු

ඉහතදී බාගනු ලැබූ මෘදුකාංගය ස්ථාපිත කරගැනීම ඇත්තටම ගොඩක් පහසුයි. එය ස්ථාපිත කරගෙන අවසන් වූ විට එය දියත් කරගන්න. ඉන් පසුව එම මෘදුකාංගය මගින් ඔබේ "Web Cam" එක ක්‍රමාංකනය කිරීම අරඹනු ලබනවා. දැන් ඔබට හැකියාව තිබෙනවා "Mouse Pointer" එක ක්‍රියා කල යුතු වෙන්නේ කෙසේද යන්න තේරීමට. අවසානයේදී "F9" බටන් එක ඔබා තත්පර 5 පමණ සිටීමෙන් පසුව ඔබට එය පහසුවෙන් ක්‍රියාත්මක කරගැනීමට පුළුවන් වෙනවා.



"Camera Mouse"මගින් ක්ලික් කිරීමටද ඔබට හැකියාව තිබෙනවා වෙනත් කිසිඳු බාහිර ආදාන උපකරණයක් නැතිව. එය සක්‍රීය කරගැනීම සඳහා "Settings Menu" එක මත ක්ලික් කොට "Dwell Time" එක සකසා ගන්න. එයින් අදහස් කරන්නේ ඔබ ඔබට අවශ්‍ය කරන දෙය ක්ලික් කිරීම සඳහා කොපමණ වෙලාවක් "Mouse Pointer" එක එය මත තබා ගෙන සිටිය යුතුද යන්න තේරීමයි. ඒවගේම තමයි ක්ලික් කිරීමේදී ශබ්දයක් පිට වෙන ලෙසද " Double Clicking" Options ද අවශ්‍ය ලෙස සකසා ගැනීමට පුළුවන් වෙනවා.



අබාධිත වූ අසරණ පුද්ගලයින් හට මෙම ක්‍රමය මගින් වස්තාව හිමිවෙනවා සාමාන්‍ය පුද්ගලයින් මෙන් පරිගනකය භාවිතා කිරීමට. ඒවගේම විනෝදාස්වාදය සඳහාද මෙය භාවිතා කිරීමට ඔබට අවස්තාව තිබෙනවා.