Sunday, December 29, 2013

Web කැම් එකකින් ගේම් ගහමු.



වැඩි දෙනෙක් වෙබ් කැම් එක භාවිතා කරන්නේ ස්කයිප් සඳහා පමණයි. නමුත් පරිගනකයකට සම්බන්ධ කොට තිබෙන වෙබ් කැම් එකකින් බොහොමයක් සිත් ඇදගන්නා සුළු දේවල් කරගන්න පුළුවන්. ඒ අතරින් වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙයනම් වෙබ් කැම් එක මගින් පරිගණක ක්‍රීඩාවන් ප්ලේ කිරීමයි. ඔබ කොතෙකුත් පරිගණක ක්‍රීඩාවන් ප්ලේ කරන්න ඇති. නමුත් වෙබ් කැම් එකක් මගින් ගේම් ප්ලේ කිරීම ඉතාමත් විනෝද ජනකයි. ගේම් එක පාලනය කරන්න mouse, keyboard කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ අත පය සොලවමින් ගේම් එක පාලනය කරන්න ඔබට පුළුවන්.

Camera එකක් උපයෝගී කරගනිමින් මගින් චලනය වෙන රූප මගින් Game එකක් පාලනය කිරීම වගේ අදහසක් පළමුවරට ඉදිරිපත් කරනු ලැබුවේ Sony සමාගම විසින්. ඔවුන් අලුතෙන් හඳුන්වා දෙනු ලැබුවා Playstation 2 සඳහා Eye Toy යනුවෙන් හඳුන්වනු ලබන උපකරණයක්. ඉන් පසුව Microsoft විසින් Xbox සඳහා Kinect නම් උපකරණයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අතරතුර පරිගණක වලට සවි කොට තිබෙන සාමාන්‍ය Webcam සඳහාත් ඒවැනි සිත් ඇදගන්නා සුළු Games නිර්මාණය වුනා.

එවැනි Games අතරින් " Webcam Mania" ප්‍රමුඛ තැනක් ගනු ලබනවා. Windows හී සියලුම සංස්කරණ සඳහා එය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. Webcam Mania game එක play කිරීම් සඳහා මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.


http://mika.tanninen.net/Ohjelmat_Webcam_en.shtml

  
ගත්තේ අහුමුලුවෙන්