Wednesday, January 1, 2014

අලුත් අවුරුදු තෑග්ග.

Bhasha සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය


අපිට කවදත් අපේම භාෂාවෙන් අලුත් දේවල් දෙන භාෂා ලංකා සමාගමට පසුගියදා දෙවසරක් සපිරුණා. ඒ නිමිත්තෙන් ඔවුන් නැවතත් අපිට අලුත් නිපැයුමක් තිලිණකර තිබෙනවා.

මෙතෙක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සහ ඇපල් ඇප්ස් පමණක් අප වෙත තිලිණ කළ ඔවුන් දැන් අපේම භාෂාවෙන් සේවාවන් සපයන වෙබ් අඩවි නිර්මාණකරණයටත් පිවිසිලා. ඔවුන්ගෙ 2 වැනි උපන්දිනය වෙනුවෙන් තිලිණ කළ මේ නිර්මාණය එවැන්නක්.

"Bhasha සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය" ලෙස නම් කර ඇති මෙමඟින් ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් මෙන්ම ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් ද ලබාදෙනවා. උසස් නිමාවක් සහිතව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිමවා ඇති මෙම ශබ්දකෝෂය අනෙකුත් සිංහල ඉංග්‍රීසි වෙබ් ශබ්දකෝෂ අභිබවමින් සුවිශේෂී සේවාවන් රැසක් සපයනවා.









* කියන්න සොයන්න (Voice search)
ඉංග්‍රිසි වචන වල තේරුම් ලබාගැනීමට ඔබට වචන ටයිප් කිරීමට අවශ්‍ය නැහැ. ඒ සඳහා වචනය පැවසීම වුවද ප්‍රමාණවත්. Voice search පහසුකම භාවිතා කිරීමට නම් ඔබ Bhasha ශබ්දකෝෂය වෙත Chrome බ්‍රව්සරයෙන් පිවිසිය යුතුයි.

* සිංහල/ඉංග්‍රීසි වචන උච්චාරණ (Pronunciation)
ඔබ සොයන ඉංග්‍රීසි වචන මෙන්ම සිංහල වචන ද උච්චාරණය කරන ආකාරයට ද මෙමඟින් සවන් දිය හැකියි. ප්‍රථම වරට සිංහල වචන උච්චාරණය ද සපයන මෙහි සිංහල උච්චරණයක් තවම ඇත්තේ beta අවදියෙයි. නමුත් මෙය හොඳ ආරම්භයක්.

* සිංglish සෙවුම (Singlish search)
මෙහි ඔබට සිංහල වචනයක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සඳහා එම වචනය සිංහලෙන්ම යතුරු කිරීමට අවශ්‍ය නැහැ. සෙවුම් කොටුවට දකුණුපස දිස්වන "සි" බොත්තම ඔබා ඔබට සිංහල වචන siglish වලින් යතුරු කළ හැකියි.

* සෙවුම් යෝජනා (Search suggestions)
ඔබ මෙම ශබ්දකෝෂයේ වචනයක් සෙවීම සඳහා එය ටයිප් කරන විට, ඔබ සෙවීමට යන වචනය ආශ්‍රිත සියලු වචන ඔබට යෝජනා කෙරෙනවා. එමනිසා අක්ෂර වින්‍යාස ගැටළුවකින් ද තොරව ඔබට වචන සෙවිය හැකියි.

* නිවැරදිකිරීම් (Did you mean?)
ඔබ සෙවීමට යන වචනයේ අකුරු වැරදී ඇත්නම්, එහි නිවැරදි අක්ෂර වින්‍යාස සහිත වදන ඔබට Did you mean? යටතේ ඉදිරිපත් කෙරෙනවා.

* වෙනත් යොමු (Other References)
සිංහල හෝ ඉංග්‍රීසි තේරුම් වලට අමතරව මෙම ශබ්දකෝෂයෙන් ඔබට ඔබ සොයන වචනයේ ඉංග්‍රීසි නිර්වචන (Definition), උදාහරණ (Examples) සහ සමාන පද (Synonyms) ද, විකිපීඩියා, ගූගල් සෙවුම සහ ගූගල් රූප සෙවුමෙහි එයට අදාල කුරුණුද ‍තිරයේ දකුණු පස වෙනම වගුවක සපයනු ලබනවා.

* ශබ්දකෝෂයට දායක වීම (Crowd sourcing)
ඔබ සෙවූ යම් වචනයක් මෙම ශබ්දකෝෂයේ නොමැති වුවහොත්, එය ඔබ වෙනත් ආකාරයකින් සොයාගත් පසු, ඔබට එහි තේරුම් මෙම ශබ්දකෝෂයටත් ඇතුළත් කළ හැකියි. ඒවා අධීක්ෂණයකින් පසු මෙම ශබ්දකෝෂයේ වචන ගොන්නට ඇතුළත් කෙරෙනවා. මේ හේතුවෙන් මෙම ශබ්දකෝෂය ඉදිරියෙදි ප්‍රජා දායකත්වය සහිතව වැඩිම වචන ගණනක් අඩංගු සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය බවට පත් කිරීමට භාෂා සමාගම බලාපොරොත්තු වෙනවා.

මෙවැනි සේවාවන් රැසක් සපයන "Bhasha සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය" වෙත ඔබටට පහත ලිපිනයෙන් පිවිසිය හැකියි.

http://dictionary.bhasha.lk/


උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්