Monday, October 20, 2014

1-Click එකෙන් ROOT කරමු

Android භාවිතා කරන අයට අද කියන්නේ දැනට තියෙන පහසුවෙන්ම ROOT කරන්න පුළුවන් software එකෙන් 4n එක ROOT කරගන්න හැටි.


ROOT කරපුවාම තියෙන වාසි.

1.අපිට අලුතෙන් rom ඒ කියන්නේ අලුත් software version ගහන්න පුළුවන්
2.දුරකතනයට සිංහල භාෂාව දාන්න පුළුවන් වෙනවා

 
ඊට අමතරව
3.device එක ඔය කස්ටියට ඕන විදිහට customize කරගන්න පුළුවන්
4.දුරකතනයේ speed එක වගේම බැටරි කාලයත් වර්ධනය කරගන්න පුළුවන්
5.අනවශ්‍ය apps එහෙම කිසි ගින්නක් නැතුව ඉවත් කරගන්න පුළුවන්


හරි එහෙනම් වැඩේට බහිමු.
 
1.ඉස්සෙල්ලම  අලුත්ම kingo root version එක මෙතනින් බාගන්න.ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න.

2.Android device එකට අදාල USB drivers install කරගන්න. සමහර පොඩි devices වලට නම් windows වලින්ම අරගන්නවා.

කස්ටිය ලග 4න් එකේ USB drivers නැත්නම් මෙන්න මේක බාගෙන install කරගන්න

3.හරි දැන් තියෙන්නේ හොදම හරිය. දැන් ගිහින්
Android device එකේ USB debugging enable කරගන්න.
Settings > Developer Options > USB debugging (enable)
 
 



4.Kingo root software එක රන් කරන්න.
5.Device එක PC එකට connect කරන්න.

 

6.Drivers install වෙන්න දෙන්න. 
 
7.device එකේ drivers හරියට install උනානම් ඔයාලගේ ෆෝන් එක හදුනාගනියි.
 
8.දැන් ඉතින් දෙයියනේ කියලා ROOT button එක ඔබන්න.එතකොට ටික වෙලාවක් මෙහෙම process වෙයි.

 9.වැඩේ ගොඩ නම් මෙන්න මෙහෙම පෙන්නනවා.ඊට පස්සේ device එක auto reboot වෙනවා.



 


 

No comments:

Post a Comment