Saturday, March 14, 2015

Mac සහ PC




Design – සැකැස්ම

1984 නිකුත් වූ පළමු Apple ‘Macintosh’ Mac පරිගණකයෙහි මොනිටරය හා CPU යන දෙකම එකටම සමිබන්ධ කර පැමිණි අතර මෙය Mac පරිගණක වල නොනැසී පැවතුණු ලක්ෂණයක් බවට පත්විය. එනමි Mac හි බොහෝ විට සමිපූර්ණ පරිගණකයම Apple සමාගම මගින් නිෂ්පාදනය කිරීමයි. නමුත් PC හි ආගමනය හා පැවැත්ම මීට වඩා බෙහෙවින් වෙනස්ය. PC විවිධ සමාගමි වලින්, විවධ Features සහිතව හා රහිතව නිපදවන බැවින් Mac මෙන් සුළු ප්‍රමාණයක් නොව වෙළදපොලේදී මිල, වර්ණය, හැඩය, ප්‍රමාණය ආදිය සලකමින් ලබාගත හැකි තෝරා ගැනීම් ගණනක් තිබේ.

Price – මිල 

Mac හා PC අතර ප්‍රධානතම වෙනස මිලයි. US$ 1000 කට අඩුවෙන් මිලදී ගත හැකි Mac පරිගණක වෙළදපොල ඇත්තේ කිහිපයක් පමණි. නමුත් මෙම මිලෙන් 10 ත් පංගුවකටත් අඩු මිලකට පවා මිළට ගත හැකි PC ඕනෑ තරම් වෙළදපලේ දැකිය හැකිය. මෙයින් අදහස් වන්නේ Mac පරිගණක ඉතාමත් මිල අධීක උපාංග යැයි කීම නිවැරදි නොවේ. මක්නිසාද යත්, පරිගණක එකිනෙක සැසදීම තරමක් අපහසු නිසාය. කෙසේ වුවත්,මිල පිළිබද නිසි අදහස් දීමට හැක්කේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුවය. සරළව කීවොත් ඔබට පරිගණකයක් අවශ්‍ය වන්නේ එදිනදා සුළු, සාමාන්‍ය කටයුතු සදහා නම් Mac පරිගණකයක් මිලට ගැනීම සුදුසු නොවේ. Mac පරිගණක භාවිතා කරනුයේ Processional මට්ටමේ වැඩකටයුතු සදහාය.


Technology Specifications – තාක්ෂණික වපසරිය


Mac හා PC හි Technical Specifications සැලකීමේදි ඒවා බොහෝ සෙයින් සමාන හෝ අතිශයින්ම අසමානන වන අවස්ථා බහුලය. පරිගණක දෙවර්ගයේම CPU, RAM, Hard Drive, Video card ඇති අතර Mac හි ප්‍රභල Processors පහසුවෙන්ම සාමාන්‍ය මට්ටම් PC පරදවා යයි. ඉහලෙ මට්ටමේ PC හි Processors Mac පහසුවෙන් අභිබවා ගියද, RAM, Hard Drive හා CPU යනාදියෙන් ඉහල මට්ටමේ PC Mac අභිබවා යයි. Optical Drivers සැලකීමේදි Mac හි ඇත්තේ සීමාසහිත තේරීම් කිහිපයකි. Mac වෙතින් CD හා DVD Read / Write කළ හැකි Super Drive, Audio in / out, USB දත්ත Transfer කළ හැකි Firewire, Ethernet හා චුම්භකත්වය කැවූ Charger Port ලබා දෙද්දී PC වෙතින් මේවාත් ඇතුළුව Blue-Ray Players, Touch Screen හා HDMI Ports ලබා දෙයි.

Choice – තෙරීම

Mac හා PC අතර දැකිය හැකි ‘විශාලතම‘ වෙනස මෙය යැයි පැවසීම වැරදි නැත.

Apple සමාගම වර්තමානයේ නිපදවන්නේ Macbook Air, Macbook Pro, Mac min, iMac හා Mac Pro යන පරිගණක මාදිලී 5ක් පමණි. මේවායේ විවිධ Versions තිබුණද, ගණනය කළහොත් වෙළදපලේ ඇත්තේ Mac පරිගණක මාදිලි 18 ක් පමණි.

PC මෙහි අනෙක් පැත්ත ගෙන කටයුතු කරයි. වාර්තා වලට අනුව වත්මන් වෙළදපොලෙහි Asus, Acer, LG, HP, Dell, Toshiba යනාදි ලෙස PC නිෂ්පාදකයන් 1 ක් ඇති අතර මේවායේ පරිගණක මාදිලි (Laptop හා Desktop) මාදිලි දහස් ගණනක් වෙළදපලේ ඇති බැවින් පාරිභෝගිකයන්ට වෙළදපොලෙන් තමාට හරියටම ගැලපෙන පරිගණකය තෝරා ගැනීමට හැකියාවක් ලැබේ.


Availability – සුලභත්වය

මුල් කාලීනව Apple ප්‍රදර්ශනාගාර තිබුනේ සුළු ප්‍රමාණයකි. තෙවන පාර්ශවයක අලෙවිකරුවන් තෝරා ගැනීමේ දී Apple සමාගම බොහෝ කරුණු සලකා බලන ලදි. Windows සමාගම පරිගණක දෘඩාංග නිපදවීම නොකරන බැවින් ඔවුන් කරනුයේ අවශ්‍ය සමාගම් වලට තම OS හි License ලබා දීම පමණී. අදාල නිෂ්පාදකයන් හැකි තරම් පරිගණක හැකි සෑම වෙළදපලකටම ‘තල්ලුකරන‘ බැවින් ඔබේ නගරයේදි PC සිය ගණනක් වෙළදපලවල දැකිය හැකි වුවත් එක් Mac පරිගණකයක් දැකීමට හැකි වේද යන්න සැක සහිතය.


Operating Systems – මෙහෙයුම් පද්ධතිය


නවතම Apple mac මෙහෙයුම් පද්ධතිය MacOC X – Lion වන අතර Windows 8.1 සිට 10 වෙත Windows PC පියමැන ඇත. Vista සමග සසදන විට නම් MacOS බෙහෙවින් ඉහල ප්‍රසාදයක් දිනා ගත්තේය. MacOS හි හා Windows හි Boot time හා Graphical user interface යනාදිය හා Mouse Left/Right Click හි ප්‍රධාන වෙනස්කම් රාශියක් ඇත. 2006 දි Apple සමාගම Boot Camp මෘදුකාංගය මගින් Windows මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ Intel Mac පරිගණක වලට Install කිරීමට අවසර ලබා දෙන ලදි. කෙසේ වුවද, Virtual Computer මෘදුකාංග රහිතව Mac Os එකක් PC එකකට කෙලින්ම Install කිරීම අතිශය අපහසු කටයුත්තකි.

Software – මෘදුකාංග


Mac සදහා ලියවුනු මෘදුකාංග වෙළදපොලේ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. බොහෝ මෘදුකාංග Mac මෙහෙයුම් පද්ධතිය සමග පැමිනෙන අතර මෑතකදී Mac සදහා Apple සමාගම Microsoft සමග එක්වී Office Siute සංස්කරණය කරන ලදි. Mac තුල විවිධ කාර්යයන් සදහා සුවිශේෂීකරණය වු මෘදුකාංග නොමැති වීම තරමක ගැටළුවකි.

PC සලකා බැලීමේදි PC සදහා නිර්මාණය වු මෘදුකාංග ලක්ෂ ගණනක් වෙලදපොලේ ඇත. එසේම පරිගණක ක්‍රීඩා (Gaming) සදහා වැඩි අවකාශයක් ලබා දෙන්නේ PC නිසා බොහෝ දුරට තරුණ ජනතාව PC සදහා වැඩි උනන්දුවක් දක්වති.


Security – ආරක්ෂාව


ලොව වැඩි දෙනෙක් භාවිතා කරනුයේ PC වන නිසා Virus හෙවත් Malware වැඩිපුර නිර්මාණය කරනු ලබන්නේ PC සදහාය. වර්තමානයේ PC වලට හානි කරන Virus අතිවිශාල ප්‍රමාණයත් ඇතත් Mac වලට හානි කරන Virus ඇත්තේ අඩු වශයෙනි. කෙසේ වුවද සංඛ්‍යා දත්ත වලට අනුව Mac භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල යමින් පවතින අතර ක්‍රම ක්‍රමයෙන් Mac සදහා වින කරන Virus ද නිර්මාණය වන බව පෙනෙන්නට තිබේ.

Customer Satisfaction – පාරිභෝගික තෘප්තිය


Apple හා PC අතර ඇති තවත් එක් විශාල වෙනසක් නම් පාරිභෝගික තෘප්තියයි. වැඩිම කල් පැවැත්මක් හා අඩුම අථත්වැඩියා ප්‍රමාණයත් ඇත්තේ Mac පරිගණක වලටය. එසේම දියුණු රටවල Apple පරිගණක සදහා විශිෂ්ට අලවියෙන් පසු සේවාවන් (Warranty) ලබාදීම මෙයට හේතුවක් වන්නට ඇත. කෙසේ වෙතත් මිල, Upgrade කිරීමේ හැකියාව වැනි කරුණු අතින් PC භාවිතා කිරීමට ද මෙය හේතුවක් විය හැකිය.


කරුනු උපුටා ගත්තේ Zoom අඩවියෙන්.