Monday, October 21, 2013

නියම හොර වැඩේ. Add/Remove Programs වලින් නමක් සගවන්න

Office එකේ ටොරෙන්ට් Client එක බොසාගෙන් හංගන්න කියාපු වැඩේ.

ඉස්සෙල්ලාම ස්ටාර්ට් මෙනු එකේ RUN සිලෙක්ට් කරලා ඒ එන Dialog box එකේ regedit කියලා ටයිප් කරලා Enter කරන්න.



ඊට පස්සෙ ඒ එන Window එකේ මෙන්න මෙ පාත් එක හොයා ගෙන යන්න.. 

 HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Uninstall  





එ ලිස්ට් එකෙන් ඔගොල්ලන්ට Hide කරන්න ඕන Software එක සිලෙක්ට් කලාම පැත්තෙන් තියන වින්ඩො එකේ එ software එකේ විස්තර එනවා.අන්න ඒකෙන් Display Name එක තෝරගන්න.

අන්න එ Display Name එක උඩ රයිට් ක්ලික් කරලා එක Rename කරන්න තමන්ට කැමති නමකින්.එතනදි තමන්ගෙයි යාලුවගේ නමයි වුනත් කමක් නෑ... හැබැයි මතක ඇතුව එතන තියන නමත් තමන් කොහේහරි බලාගන්න පුලුවන් තැනක ලියලා තියාගන්න

ඊලගට ඒ ලිස්ට් එකේම යටින් තව තියන Uninstall String කියන එකත් Rename කරගන්න තමන්ට කැමති නමකින්...


එතනදිත් මුලින් කිවුවා වගේම මතක ඇතුව එතන තියන නමත් ලියලා තියාගන්න

ඊට පස්සෙ ඒ Window එක Close කරල ආයෙත් Add or Remove වලට ගිහින් බලන්න.. ඒ Software එක අතුරුදහන් වෙල තියෙවි එතන තියන ලිස්ට් එකෙන්...

ඒ ලියලා තියා ගන්න එකට හේතුව මම කියන්නම්.. කවදාහරි ඒ සොෆ්ට් එක Uninstall කරන්න ඕන වුනොත් ආපහු කලින් තිබුනු නමම එතන Type කරලා ඒ Window එක Close කලාමයි කලින් වගෙ එ Software එක Add or Remove වල පෙන්නන්න පටන් ගන්නෙ...