Tuesday, October 15, 2013

නොමිලේ භාවිතාකල හැකි Download මෘදුකාංගයක්






අන්තර්ජාලය භාවිතාකරන්නන් හට නිතරම අවශ්‍යවන කාරනා අතර දත්ත ගොනු Download කිරීම ඉහලින්ම සදහන් වන කාරනාවකි.මේ වන විට බ්‍රවුසරයන් සමග සංයුක්තවද මෙම Download මෘදුකාංග පැමිනෙන අතර යම් කෙනෙකුට වඩාත් සැකසුම් අවස්ථා ඇති එවන් මෘදුකාංගයක් අවශ්‍ය වන විට මිලදී ගත හැකි මෙන්ම නොමිලේ භාවිතාකල හැකි විකල්ප වේ.කලාතුරකින් අයෙකු මිලදී ගත යුතු මුත් එසේ නොකර වෙනස්කරන ලද මෘදුකාංග භාවිතයට පිවිසීම මෙවැනි මෘදු කාංග භාවිතාවකදී වඩත් අනතුරුදායක විය හැකි බවටයි හදාරන්නන් පවසන්නේ.

Download 




භාවිතාවට ගත හැකි download accelerator හා manager මෘදුකාංගයක් ලෙසට ක්‍රියාකරන නොමිලේ භාවිතාකල හැකි විවෘත ගනයේ විකල්පයකි. නිමැවුම් කරුවන් පවසන්නේ ගොනුවක් කොටස්වලට කඩා download කිරීම සමග සාමන්‍ය වේගයට වඩා 600 ගුනයක වේගයකින් විවිධ සර්වර් සේවාවන් ඔස්සේ විවිධ ගනයේ downloads සදහා මෙම මෘදුකාංගය සහය වනු ඇති බවකි. මෙම Free Download Manager 3.9.3 Build 1359 සමග පෙර හදුනා ගෙන තිබූ දුර්වලතා සැකසීම මෙන්ම නවාංග කිහිපයක්ම එක්කරමින් නිකුත්කරන්නට මෙහි නිපැයුම් කරුවන් කටයුතු කර ඇති බවකි.