Sunday, October 13, 2013

ebay ගනුදෙනු පිලිබදව දැනුම ටිකක්.

e-bay කියන්නේ මහා පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් ගනුදෙනුකරුවන් එකතු වෙලා අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන අන්තර්ජාල වෙළඳ පොලක්.මේකෙ ගනුදෙනු වෙන ආකාර නම් ගොඩක් තියනව, හැබැයි ගොඩක්ම ප්‍රචලිත ක්‍රමය Auctions හෙවත් වෙන්දේසි ක්‍රමය සරලවම කිව්වොත් මේකෙ සිද්ධවෙන්නෙ e-bay ඔස්සේ භාණ්ඩයක් විකුනන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමන් මේ දේ විකුනනවා කියල ප්‍රකාශයට පත් කරන එකයි ඒක මිලයට ගන්න කැමති කෙනෙක් ඒ භාණ්ඩයට තමන් ගෙවන්න කැමති මිල ප්‍රකාශයට පත් කරන එකයි. දෙපැත්තෙන්ම කැමතිනම් ඕන් වැඩේ තීන්දුයි. ඊළඟට තියෙන්නේ ඒකට නියම කරගත්ත මුදල ගෙවල ලියුම් මාමා භාණ්ඩය ගෙදරටම ගෙනල්ල දෙනකන් බලන ඉන්න එකයි.

මෙහෙම කිව්වට බෑනේ.... අපි මේක සරලවම පටන් ගමු.

e-bay කියන්නේ වෙබ් අඩවියක් කියන එක කියන්න දෙයක් නෙමෙයිනේ. ebay වෙබ් අඩවි බොහොමයක් තියෙනවා.මේ තියෙන්නෙ ගොඩක් ම ප්‍රසිද්ධ අඩවි දෙක:
http://www.ebay.com/ http://www.ebay.co.uk/
වෙබ් අඩවි දෙකේ නම්වල අන්තිම හරිය දෙක්කහම හිතාගන්න පුළුවන්නේ මේකෙත් සුද්දට වෙනම එකකුයි ඇමරිකන්කාරයට තවත් එකකුයි තියෙන්නේ කියල. හැබැයි ඉතින් ඔය කොයි එකෙත් වගේ මේකෙත් චීන්නු තමා වැඩිපුරම ඇතුලේ ඉන්නේ,හැබැයි චීනෙ තැපැල් ගාස්තු ටිකක් වැඩි නිසා හොං කොං වලට ගෙනල්ල එහෙන් තැපැල් කරනව.ඕකේ ඉතින් අල්පෙනිත්තේ ඉඳල හැමදේම විකුණනවා.ඔය දෙකේම බොහෝ දුරට එකම විදියට තමයි ගනු දෙනු වෙන්නේ. මුදල් ඒකකය වෙනස්.

e-bay එකේ ගනුදෙනු කරන්නනම් ඉස්සෙල්ලම e-bay user account එකක් හදන්න ඕනේ. එකට ඔය වෙබ් අඩවි දෙකෙන් කැමති එකක register කියන එකෙන් තමන්ගේ විස්තර ඇතුලත් කරලා user account එකක් හදාගන්න ඕනේ. කාටහරි e-bay එකේ විකුනන්න තියෙන දේවල් බලන්න මිල ගණන් බලන්න user account එකක් ඕනෙම නෑ. නමුත් මිලදී ගැනීමක් හරි විකිණීමක් හරි කරන්නනම් user account එක අත්‍යවශ්‍යමයි.


ඊළඟට බලමු මේකෙ තියෙන දේවල්. කලින් කිව්වත් වගේ මේකෙ ඉතින් නැති දෙයක් නෑ. හැබැයි ඉතින් මතක තියාගන්න ඕනේ ලංකාවට මේවා එන්නේ තැපැල් මාර්ගයෙන් නිසා ගෙන්නන්න පුළුවන් දේවල් සීමිත වෙනවා. අලුත්ම පොඩි පොඩි technical gadjets ලංකාවේ වෙළඳ පොලේ මිලට වඩා අඩු මිලකට මේකෙන් මිලදී ගන්න පුළුවන්.ඒ ගැන මේ වෙබ් අඩවියේ සැරිසැරුවොත් වැඩි අපහසුවකින් තොරවම වටහාගන්න පුළුවන් වේවි. හැබැයි මං මුලිනුත් කිව්ව වගේ මේ භාණ්ඩ ගොඩක් චීන gadjetකෑලි කියන එකත් අමතක කරන්න එපා

මෙහිදී විකුනන්න තියෙන භාණ්ඩ කිහිපාරයකින් දකින්න තියෙනවා. New items හෙවත් කිරි කිරි ටොයියෝ සහ used items හෙවත් භාවිතා කරන ලද ඒවා තමයි ඉතිං අපිටනම් වටින්නෙ. ඔය දෙකෙන් මොකකට උනත් වගකීම් සහතිකයක්නම් ගොඩක් වෙලාවට හම්බවෙන්නේ නෑ. එම භාණ්ඩ වල තත්වය දැනගන්න item description කියන කොටස හොඳින් කියවන්න ඕනේ. අදාල භාණ්ඩය සමග ලැබෙන දේ (what package includes) පිළිබඳව හොඳින් වටහා ගත යුතුයි.විශේෂයෙන්ම එය ශ්‍රී ලංකාවට ගෙන්වාගත හැකිද යන්න සොයා බැලිය යුතුය.







 e-bay විකුණුම්කරුවන් හෙවත් e-bay sellers

e-bay තුල භාණ්ඩ විකුණන පාර්ශව විවිධාකාරයි. ඔබ යමක් මිලයට ගැනීමට අදහස් කරන්නේනම් හැකි සෑම විටම top rated sellers යනුවෙන් හඳුන්වන වඩා විශ්වාසනීය විකුනුම්කරුවන්ගෙ� � �් භාණ්ඩ මිලයට ගැනීමට මතක තබා ගන්න. විකුණුම්කරු පිලිබඳ විස්තර seller info යන කොටසින් බලාගන්න පුළුවන්. විකුණුම්කරු විසින් මීට පෙර කරන ලද ගනුදෙනු එම ගනුදෙනු පිළිබඳව අනෙක් පාර්ශවයේ අදහස් ආදිය මෙහි ඇතුලත් වෙනවා.සෑම විටම වඩා වැඩි ප්‍රමාණයක් positive feedbacks ඇති විකුණුම්කරුවන් තෝරාගැනීමට සැලකිලිමත් වෙන්න.






මුදල් ගෙවන්නේ කොහොමද?

අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු සිදු කරන ප්‍රධානතම මාර්ගය තමයි credit cards. නමුත් මෙහිදී credit card මගින් කෙලින්ම ගෙවීම් සිදු කිරීම එතරම් ආරක්‍ෂිත නැහැ. මෙහිදී බහුලවම භාවිත වන්නේ paypal හරහා ගෙවීම් සිදු කිරීමයි. paypal කියන්නේ අන්තර්ජාල ගනුදෙනු සිදුකිරීම සඳහා තිබෙන වෙබ් අඩවියක්.






 මේ හරහා ගනුදෙනු කිරීමට paypal account එකක් ඔබට තිබිය යුතුයි. paypal එකක් ආරම්භ කිරීමට ඔබ සතුව අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවිය හැකි ආකාරයේ කාර්ඩ් පතක් තිබිය යුතුයි. ඔබගේ බැංකුව මගින් ලබාගත් credit card පත මේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඒත් ඉතිං අපි හැමෝටම credit card නැහැනෙ.. ඒ වෙනුවට අන්තර්ජාල කාර්ඩ් පතක් හෙවත් webcard පතක් යොදා ගන්න පුළුවන්. webcard පත් සඳහා ඔබ නිතරම මුදල් රඳවා තබාගතයුතු නැත.ගනුදෙනු කාර්යය ස්ථිර වූ පසුව නියමිත් මුදල පමණක් කාර්ඩ් පතට තැන්පත් කොට මුදල් ගෙවීම සිදු කල හැක. මෙය වඩාත් ආරක්‍ෂිතය.

මේ සඳහා මා දන්නා පරිදි සම්පත් බැංකුව මගින් නිකුත් කරනු ලබන webcard පත ලබාගැනීම පහසුය.මා දන්නා තරමින් ලංකාවේ අනෙකුත් මුල්‍ය ආයතන මගින් Webcardනිකුත් කරන්නේ නැත. webcard පත ලබාගත් පසුව ඔබට කාර්ඩ් පතක් සහ රහස්‍ය අංකයක් ලැබෙනවා.එම කාර්ඩ් පතේ විස්තර paypal account එකට ඇතුලත් කර එහි ඇති CSC යන කොටසට ඔබගේ රහස් අංකය ඇතුලත් කර ගිණුම සම්පුර්ණ කරගන්න.

ඔ‍බට e-bay සහ paypal accounts දෙකක් තිබේනම් දැන් ගනුදෙනු සිදු කල හැක. ඔබගේ නියමිත් ගෙවීම් වලදී pay via paypal යන ක්‍රමය අනුගමනය කර ගෙවීම් කටයුතු කල හැක.

මිලදී ගැණුම්

මෙහි මිලදී ගත හැකි ආකාර තුනකි

buy it now - නියමකොට ඇති මිල ගෙවා මිලයට ගැනීම.
bidding - ලන්සු තබා මිලයට ගැනීම.
Best offer-පාරිභෝගියා තමාට ගෙවිය හැකි හොදම මිල ප්‍රකාශ කිරීම

පළමු ආකාරයෙන් මිලදී ගන්නා විට භාණ්ඩයේ සඳහන් මිල සහ තැපැල් ගාස්තුව මුළු එකතුව ලෙස ගෙන ගෙවා එම මොහෙතෙදීම මිලයට ගත හැක. දෙවන ආකාරයට මිලයට ගන්න විට ඔබ ඒ සඳහා ගෙවීමට බලාපොරොත්තු වන ඉහලම මිල සඳහන් කොට වෙනත් අයෙකු එයට වඩා වැඩි මිලක් නියම නොකරන ලද අවස්ථාවකදී ඔබේ මිලට එය ලබාගත හැක. දෙවන ආකාරයෙන් බොහෝ අවස්ථා වලදී වඩා ලාබදායී මිලට ගැනීම් සිදු කල හැක. තෙවන ආකාරය ට අනුව පාරිභෝගියා තමාට ගෙවිය හැකි මිල ප්‍රකාශ කල පසු වෙලෙන්දාද ඊට එකග නම් ගනුදෙනුවට අනුමැතිය ලැබේ. මේ සෑම මිලදී ගැනීමකදීම ඔබට ගෙවීමට සිදු වන මුළු මුදල නිවැරදිව දැන ගත යුතුයි. සමහර භාණ්ඩ සඳහා ඉතා අඩු මිලක් නියමකොට ඇති අවස්ථාවන් දක්නට තියෙනවා. නමුත් ඒවායේ තැපැල් ගාස්තුව ඉතා ඉහල වෙනවා.එමනිසා සෑම විටම ගෙවීමට නියමිත මුළු මුදල නිවැරදිව දැන ගත යුතුයි.

කතන්දරේ ඉවර නෑ...
භාණ්ඩය එව්වේ නැතොත් මොකද වෙන්නේ?

e-bay තුල e-bay buyer protection නමින් කොටසක් තිබෙනවා.









එමගින් ඔබට යම් අයෙකු භාණ්ඩය එවීම පැහැර හැරියහොත් නියමිත කාලය තුලදී ඔබ විසින් කරනු ලබන දැනුම්දීමක් අනුව අදාල පාර්ශවයන්ගෙන් මේ පිළිබඳව විමසා බලා ඔබ වෙත එම භාණ්ඩය එවීමට හෝ ඔබ ගෙවූ මුදල නැවත ඔබගේ paypal account එකට බැර කිරීමට කටයුතු කරනවා. නමුත් ඔබ Paypal ගිණුම සමග පාවිච්චි කලේ Webcard පතක් නම් අදාළ මුදල ඔබගේ අතට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව වන්නේ paypal හරහා අප රටට මුදල් ලබාගැනීමට නොහැකි වීමයි. එවන් අවස්ථාවකදී එම මුදලින් Ebay Coupon පතක් ලැබෙනවා. මෙමගින් නැවත වෙනත් මිලදී ගැනීමක් කල හැකියි.



වැදගත්........ !!!!!!

ඔබ යමක් මිලදී ගත් විට ඒ සඳහා නියමිත මුදල නිවැරදිව ගෙවන්න. මක් නිසාද යත් එසේ නොකළ විට ශ්‍රී ලංකා නාමයද කැළැල් වන බැවිනි. සමහර විකුණුම් කරුවන් මේ වන විටද මෙරටට භාණ්ඩ එවීම නවතා දමා ඇත්තේ මෙරට ගැනුම් කරුවන් මිලයට ගන්නා බව තහවුරු කලද මුදල් නොගෙවීම හේතුවෙනි. මෙය සැබෑ වෙළඳ පොළකි. විනෝදය පිණිස මිලයට ගැනීම් තහවුරු නොකළ යුතුය. එමගින් ඔබට විවිධ ගැටළු ඇති විය හැක.

මෙම ක්‍රමය විවිධ උපකරණ, උපාංග, විද්‍යුත් සංයුක්ත පරිපථ (electronic IC’s) ආදිය මෙරටට ගේනවා ගැනීමේදී ඉතා ප්‍රයෝජනවත්ය.

කිසිම අවස්ථාවකදී නියමිත ක්‍රමයෙන් බැහැරව මුදල් ගෙවීම් සිදු නොකරන්න. එවන් ගෙවීම් සඳහා e-bay මගින් වගකීමක් දරන්නේ නැත. හැකි සෑම විටම විකුණුම් කරු හා අදහස් හුවමාරු කරගැනීම මගින් ගැටළු නිරාකරණය කරගැනීමට උත්සහ කරන්න. අන්තර්ජාතික තලයේදී එය ඉතා ඉහල ප්‍රතිඵල ගෙනදෙන ක්‍රමයකි. නමුත් කිසි විටෙක පෞද්ගලික e-mail මගින් පණිවිඩ හුවමාරු කිරීම නොකළ යුතුය. මේ සඳහා සෑම විටම e-bay messeges භාවිතා කරන්න. අදාල මිලදී ගැනීම තුල contact seller යන පහසුකම ඔබට සපයා ඇත්තේ මේ සඳහාය.

කුඩා ලාභයකට ලොල්ව මහා පරිමාණ ගනු දෙනු කිරීමට පෙළඹී බදු වලට හසුවී අලාභ සිදුවූ කල්හි පසුතැවිලි වීමට සිදු වනු ඇත. වඩා වැඩි වටිනාකමක් ඇති භාණ්ඩ ගෙන්වීමේදී බදු ගෙවීම් වලට ලක් විය හැකි බව මතක තබා ගන්න.


ඉතා වැදගත්........

කලින් සඳහන් කල පරිදි මෙහි විවිධාකාරයේ භාණ්ඩ රැසක්‌ විකිණීමට තිබෙනවා.මෙහිදී විකිණීමට ඇති බොහොමයක් දෑ ප්ලාස්ටික් හෝ රබර් වැනි අමුද්‍රව්‍ය වලින් තනන ලද ඒවා බැවින් භාවිතයෙන් පසුව ඉවත දමන විට සිදුවන පරිසර දුෂණය අතිමහත්ය. එබැවින් ඔබට යමක් සැබවින්ම උවමනානම් පමණක් එය මිලයට ගන්න. තමන් සතු මුදල් නිකරුනේ තොරොම්බල් හෝ අරුමෝසම් දෑ සඳහා වැය නොකොට බුද්ධිමත් ගැනුම්කරුවෙකු වන්න.

ටික කාලයක් Ebay සමග මේවගේ පොඩි පොඩි ගනුදෙනු කරල පුරුදු වුණාම තරමක් ලොකු ගනුදෙනු කරනනටත් ඔබට ආශාවක් ඇතිවේවි.ඒ වගේම e-bay ඔස්සේ භාණ්ඩ විකිනීමටද ඔබට හැකියාව තිබෙනවා.


උපුටා  ගත්තෙ අහුමුලු එකෙන්