Sunday, October 13, 2013

Windows 7හි සැගවී ගත් Wallpapers හා Themes

වින්ඩෝස් සෙවන් දානකොට එහි භෂාව ලෙස සාමන්‍යයෙන් අපි තොරන්නේ English (US). ඉතින් අපිට ලැබෙන්නේ ඇමෙරිකාවට අදාල තීම්ස් සහ වොල්පේපර්ස්.ඉතින් වින්ඩෝස් සෙවන් වල තව වෙන රටවල් වලට අදාල තීම්ස් එනවා.අවාසනාවකට අපේ රටේ තීම් එකක් නැහැ.හරි දැන් අපි බලමු මේ හැංගිලා තියෙන තීම්ස් හා වෝල්පේපර්ස් හොයගන්නේ කොහොමද කියලා.

1.මුලින්ම Run වලට ගිහින් මේ විදානය ටයිප් කරන්න.

C:\Windows\Globalization\mct

ඊට පස්සේ Enter කරන්න






2.එතකොට ඔයාලට මේ වගේ වින්ඩොව් එකක් එයි.ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය තීම් එකක් ඇඩ් කරගන්න විදිහට ඇඩ් කරගන්න.
  




AU - ඕස්ට්‍රේලියාව
CA - කැනඩාව
GB - බ්‍රිතාන්‍යය
US - ඇමරිකාව
ZA - දකුණු අප්‍රිකාව

3.ඊට පස්සේ ඔයාලගේ Personalize වල ඔයාලා දාගත්තු තීම් ටික මේ විදිහට දැක ගන්න පුළුවන් වෙයි.