Tuesday, October 15, 2013

Hard එකේ partition Resize කරමු





දැනට පරිගනකයේ බාවිතා කරන හාඩ් ඩිස්කයේ ඉඩ අපිට මදි උනොත්? අපිට පුලුවන් තව හාඩ් ඩිස්කයක් මිලට ගන්න.
ඒත් Partition එකක ඉඩ මදි උනොත් මොකද කරන්නෙ? අපිට වෙනවා ඉඩ මදි Partition එකට වෙන කොහෙන් හරි ඉඩ ටිකක් එකතු කරන්න.
නැත්නම් Resize කරන්න වෙනව. Partition එකක් Re size කරන්න හොද මෘදුකාංග ඕනේ තරම් තියනවා වගේම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියත් එක්ක ආපු Shrink Volume වගේ පහසුකමුත් බාවිත කරන්න පුලුවන්.


අපි බලමු Partition Manager මෘදුකාංගය බාවිතා කරලා කොහොමද Partition එකක් Re size කරන්නේ කියලා. Partition Manager මෘදුකාංගය දැනට ඔයාල ගාව නැත්නම් පහල් ලින්කුවෙන් බාගන්න.


Download


බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න. ඊලගට බලන්න මං පහත උදාහරනය ගන්න පරිගනකයේ C: එක වෙනුවෙන් ඉතිරිව ඇත්තේ 5GB පමනයි. අපි බලමු මෙ මෘදුකාංගය බාවිත කරලා කොහොමද මේ වැඩි කරගන්නේ කියලා.


 




ඔයාලට පේනවා D: එකේ වඩා වැඩි ඉඩ ප්‍රමානයක් ඉතුරුවෙලා තියනවා කියලා ඉතින් මම උත්සහා කරනවා ඒ ඉතුරු වෙලා තියන ඉඩෙන් කොටසක් C: එකට ලබගන්න.
මුලින්ම D: එකේ තෝරලා Resize/Move කියනා කොටසට යන්න. පහල රූපයේ පරිදි එය පෙනෙවි. 






 ඊලගට unallocated space කියන ස්තානයට අපිට කඩාගන්න ඕනේ නැත්නම් නිදහස් කරගන්න් ඕනෙ ඉඩ ප්‍රමානය දෙන්න.





ඊලගට OK කරන්න. ඇත්තටම මේ වෙනස මේ මොහොතෙම පරිගනයකට බලපාන්නේ නෑ. ඊලගට C: එක තෝරලා Resize/Move වලට යන්න. 








ඉහල රූපයේ පෙනෙන කුඩා ඊතල හිස කෙලවරටම අදින්න. පහල රූපයේ ආකරයෙන් පෙනෙයි. 





 
ඊලගට OK කරන්න. ඉන්පසු Apply කරන්න. Apply කරන්නද අහනව. Yes කියලා දෙන්න. 








මෙ ක්‍රියාවලිය වෙන්න පරිගනකය රීස්ටාට් කරන්නද අහනවා. 





 පරිගනකය රීස්ටාට් වෙන අතරේ අපි කරපු වෙනස්කම් පහත ආකරයෙන් එකතු වෙනවා බලාගන්න පුලුවන්. 





ඉතින් ඊලගට අපිට බලගන්න පුලුවන් Partitions වල දාරිතාවයන් වෙනස් වෙලා තියන ආකාරය. උත්සාහා කරලා බලන්න.