Tuesday, October 15, 2013

ටොරන්ට් එකෙන් Hi-speed ඩවුන්ලෝඩ් කරමු.






ටොරන්ට්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ.ඒත් අඩුම කලෙකින් වැඩිම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකකින් ලේසියෙන් ටොරන්ට් එකක් බාගන්නෙ කොහොමද කියන එක තවමත් ගොඩාක් දෙනෙක් හරියට දන්නෙ නෑ.ඉතින් නොදන්න අයගේ දැනගැනීමටයි දන්න අයගේ දැනුම අලුත් වෙන්නයි මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතෙනවා.


අපිට ටොරන්ට් එකක් Download වෙන්න දැම්මට පස්සෙ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයෙන් අපිට කැමති වේගයක් ඒ සඳහා වෙන් කරන්න පුලුවන්..

හැමතිස්සෙම මතක තියාගන්න අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චර අඩු උනත් අපේ අප්ලෝඩ් limit එක 3KB/s වගේ අගයකවත් තියාගන්න.. මොකද ඒ අය අපේ Statistics වෙනම තියාගන්නවා...
අපි කොච්චර ඩවුන්ලෝඩ් කරගත්තද, කොච්චර අප්ලෝඩ් කලාද, ඒ වගේ දේවල්..


ඉතින් ඔයා බාන්න දාපු ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩුයි නම් වෙන වෙන තැන් වල ඉන්න සීඩර්ස්ලාගේ සහාය ලබාගන්න මේ ට්‍රැකර්ස් ලිස්ට් එකෙන් පුලුවන්... මුලින්ම මේ Trackers ලිස්ට් එක බාගන්න.


Download


ඊටපස්සෙ කරන්න තියෙන්නෙ ඒ නෝට් පෑඩ් එකේ තියන ට්‍රැකර්ස් ලිස්ට් එක කොපි කරගන්න එක...
ඊලඟට Torrent Application එකට ගිහින් බාන ටොරන්ට් එක උඩ Right Click කරලා Properties යන්න..
ඊලාඟට එන window එකේ General tab එකේ Trackers කියන text box එකේ පහළ පින්තූරෙ තියන විදිහට අර කොපි කරගත්ත trackersලගේ ලිස්ට් එක Paste කරලා OK කරන්න....





 ඊටපස්සෙ යටින් තියන Trackers කියන Tab එක ක්ලික් කලාම ඔයාලටම බලගන්න පුලුවන් Trackers ලිස්ට් එක අප්ඩේට් වෙන හැටි..ඒකෙන් එක එක තැන් වල ඉන්න seedersලට ඔයා බාන ටොරන්ට් එකට seed කරන්න පුලුවන් වෙන්න සම්බන්ධ කරනවා...