ඉතින් මෙම සේවයේ නම තමයි "Unsubscribr" පහත ලින්ක් එක හරහා ගොස් ඔබට පුළුවන් මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට.
www.unsubscribr.com
ඔබට පුළුවන් මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී ගිණුමක් සදා ගන්න. ඒ වගේම $2 ක් වගේ පුංචි මුදලක් ගෙවලා ඔබට පුළුවන් premium account එකක් ලබාගන්න. එහි ඇති විශේෂත්වය වන්නේ ඔබ සතුව premium account එකක් තිබෙනවානම් ඔබ ඔබේ emails scan කරනා විට ඔබ සදා ඇති Folders පවා scan කිරීමට ඉඩ ලබාදීමයි. කොහොම නමුත් මෙහි ලියාපදිංචිය අත්‍යවශ්‍යම නැහැ.
ඉහත දී ඇති ලින්ක් එක හරහා Unsubscribr වෙබ් අඩවියට පිවිසුනහම පහත රුපයේ මෙන් ඔබට දැක ගන්නට ඇති "Enter your email address to get started." යන්නට පහලින් ඇති කොටුවේ ඔබේ Email ලිපිනය type කර "Start" යන්න ක්ලික් කරන්න.
අනතුරුව විවුර්ත වන වින්ඩෝ එකෙහි ඇති "Let's go" යන්න ක්ලික් කරන්න. පසුව ඔබගේ email ලිපිනය සහ මුරපදය ලබදී ලොග් වෙන්න. ඉන් අනතුරුව Unsubscribr හට Email ගිණුමට පිවිසීමට අවසර ඉල්ලා අලුත් පිටුවක් open වෙන අතර එහි ඇති "grant access" යන්න ක්ලික් කරන්න. මෙහිදී ඔබ කිසිදෙයකටවත් බිය වියයුතු නැහැ. grant access යන්න ඔබා Unsubscribr හට Email ගිණුමට පිවිසීමට අවසර ලබා දුන්නට Unsubscribr හට පුලුවන් කමක් නැහැ ඔබේ Account details වෙතහෝ Password එක වෙත පිවිසෙන්නට. ඒ නිසා ඒ ගැන බියවිය යුතු නැහැ.
අනතුරුව "Begin Scan" මත ක්ලික් කරන්න.