Sunday, October 6, 2013

Windows 7 හී නැති වූ Bootmgr File එක නැවත ලබා ගමු.

 කිසියම් අවස්ථාවක පරිගණකය shutdown කර නැවත ආරම්භ කිරීමේ දී Bootmgr is Missing යන පණිවිඩය දිස්වේ. මෙසේ සිදු වන්නේ පරිගණකය භාවිතා කරන අවස්ථාවක විදුලිය විසන්ධ් වීමකදී හෝ Update වන අවස්ථාවක දී සිදුවන යම් දෝෂයක් නිසා, Bootgr File එකට හානි සිදු වී ඇති බැවිනි. නමුත් මෙය සාමාන්‍ය ආකාරයෙන් සමනය කරගත නොහැකිය. 

එසේ නම් මම මේ කියන්න යන්නෙ මෙම දෝෂය සමනය කරගන්නා ආකාරයයි. 
පළමුව windows CD එකකින් පරිගණකය Boot කරගන්න.


 දැන් ඔබගේ පරිගණකයේ windows එකක් ඇත්දැයි සොයා බලා එය repair කිරීම සඳහා පෙන්වයි.




එය Next කිරීමෙන් පසු විවෘත වන box එකෙහි startup repair යන්න තෝරන්න.






 නැතහොත් command prompt තෝරා එයට bootrec/fixboot යන කොටස ඇතුළත් කරන්න.


සමහර අවස්ථාවල දී system recovery options යන වින්ඩෝව මතු නොවීමට ඉඩ ඇත. එම අවස්ථාවක දී windows එක තෝරාගන්නා වින්ඩෝවේ දී එහි ඇති load Drivers මඟින් ගොස් ඔබට CD හෝ DVD Rom එකේ ඇති bootmgr file එක සොයා කොපි කර windows ස්ථාපනය කළ ස්ථානයට යෙදීම මඟින් ද, මෙම දෝෂය ඉවත් කර ගත හැකිය.