Monday, November 11, 2013

Android Kitkat හා Jelly Bean ඔබේ පරිඝනකයටත්..



Android ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස මුල් කාලයේ හදුන්ව දුන් Google සමාගම  Android මෙහෙයුම් පද්ධතිය බලගැන්වූ මුල්ම ජංගම දුරකතනය වෙලඳපොලට පැමිණියේ 2008 වසරේදී ය. එතැන් පටන් විවිධ කඩයිම් පසු කරමින් ක්‍රමයෙන් වැඩිදියුනු වූ Android අද වනවිට ලොව ජනප්‍රියතම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වී හමාර ය.
Linux පාදක නිදහස් හා විවෘත කේත (Free and Open Source) මෙහෙයුම් පද්ධතියක් වන Android අද වනවිට ලොව පුරා ජංගම දුරකතන වෙළඳපොලෙන් 80%ට වැඩි ප්‍රතිශතයක් ආක්‍රමණය කරමින් ඉතා සාර්ථකව ව්‍යාප්ත වෙමින් පවතී. ජංගම දුරකතන පමණක් නොව tablet පරිගනග වැනි වෙනත් ජංගම උපාංග (Mobile devices) සඳහාද අද වනවිට මෙම මෙහෙයුම් පද්ධතිය ඉතා සාර්ථකව භාවිතා කරයි.
Android මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ සඳහා භාවිතා කරන නාමකරණය ඒ තුල දක්නට ලැබෙන තවත් සිත් ඇදගන්නා ලක්ෂණයකි. එහි විවිධ සංස්කරණයන් පහත පරිදි නම් කර ඇත.

  •     1.5 Cupcake
  •     1.6 Donut
  •     2.0/ 2.1 Éclair
  •     2.2 / 2.2.3 Froyo
  •     2.3 / 2.3.7 Gingerbread
  •     3.0 / 3.2.6 Honeycomb
  •     4.0 / 4.0.4 Ice Cream Sandwich
  •     4.1 / 4.3 Jelly Bean
ඉහත ආකාරයට රසවත් ආහාර වල නම් වලින් මෙම මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ නම් කර ඇති අතර නවතම 4.4 සංස්කරණය අප කවුරුත් ඉතා ප්‍රිය කරන Kit-Kat නමින් නම් කර ඇත මෙය ඩෙස්ක්ටොප් පරිඝනකයන් සදහාද බාවිතා කල හැකි අයුරින් නිපදව ඇත. 
Android Kitkat  හා  Jelly Bean ඔබේ පරිඝනකයට  ස්ථාපනය කරගැනීමට ඔබට  Android Kitkat  හා  Jelly Bean ISO File හා VMware Workstation වැඩසටහන අවශ්‍ය වන අතර  VMware Workstation වැඩසටහන මෙම Link එක මගින් මුලින්ම ලබා ගෙන  Android Kitkat හා  Jelly Bean පහත  Link
තුලින් ලබා ගැනීමටද  පහසුකම් සපයා ඇත .



Android Kitkat

Android Jelly-Bean


 VMware Workstation එක ආදාරයෙන් Android OS පරිඝකයේ පිහිටුවා ගැනිමට්  හැකියාවක් ඇත. 


උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.