Monday, November 4, 2013

කඩන්න බැරි කරමුද????



කඩන්න කලින් හදාගෙන ඉන්න එපැයි....
එහෙනම් අද අපි බලමු හොද පාස්වර්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා....

ඊට කලින් බලමු දැනට ලෝකේ තිබිල තියෙන කඩන්න ලේසිම, වැඩිම දෙනෙක් පාවිච්චි කරපු පාස්වර්ඩ් ටික මොනවද කියල.....

1 .......... password
2 .......... 123456
3 .......... 12345678
4 .......... abc123
5 .......... qwerty
6 .......... monkey
7 .......... letmein
8 .......... dragon
9 .......... 111111
10 .......... baseball
11 .......... iloveyou
12 .......... trustno1
13 .......... 1234567
14 .......... sunshine
15 .......... master
16 .......... 123123
17 .......... welcome
18 .......... shadow
19 .......... ashley
20 .......... football
21 .......... jesus
22 .......... michael
23 .......... ninja
24 .......... mustang
25 .......... password1


කොහොමද ආතල් එක,
වැඩිම දෙනෙක්ගේ පාස්වර්ඩ් එක password. තව සමහරු කඩන්න බැරි වෙයි කියල හිතාගෙන pa55word කියලත් ගහනවා....

ගොඩ දෙනෙක් තමන්ගේ නම ගහල උපන්දිනය ගහනවා....

එහෙනම් මෙන්න මෙහෙමයි හොද එකක් හදාගන්නේ,,,,

මුලින්ම කවදාවත් වචනයක් ගහන්න එපා....
ඒ කියන්නේ ගෙඩිය පිටින් KAMAL , APPLE, MERLIN, GODFATHER, මේ වගේ ඒවා ගහන්න එපා....
පුළුවන් තරම් වාක්‍යයක් කෙටි කරලා ගහන්න....
ඒ කිව්වේ, I Addict To Elakiri Too Much......
මෙන්න මේ වගේ වාක්‍යයක් කෙටි කරලා IATETM.....

තව මේ වගේ මතක තියෙන වාක්‍යයක් ගහල්ලා,,,,
හැබැයි අමතක වෙන් නැති එකක් වෙන්න ඕනේ....

ඊළගට අකුරු විතරක් දාන්න එපා....
පොලුවන් නම් ඉලක්කමක් දෙකක් දාල්ලා....
හැබැයි 1990 ඉපදුනා කියල IATETM1990 කියල දන්නා එපා....
ටිකක් වෙනස් කරලා දාමු...
I Addict To Elakiri Too Much
මෙන්න මේක මෙහේම ලියමු....
I Addict 2 Elakiri 2 Much

දැන් අපේ පාස්වර්ඩ් එක වෙන්නේ IA2E2M.....

හැබැයි තාම වැඩේ ඉවර නැ....
පුළුවන් නම් අකුරු මැද්දට Symbol එකකුත් ඔබමු....
Addict කියන එක A වෙනුවට @ කියල ගහමුද?....
එතකොට අපේ පාස්වර්ඩ් එක වෙන්නේ I@2E2M....

දැන්නම් වැඩේ සැහෙන දුරට හරි....
එත් තාම අවුල්...
ඒ නිසා දැන් තමා හොදම වැඩේ....
නම දෙපැත්තෙන් තරු ටිකක් දාමු....
මෙන්න මේ වගේ....
** I@2E2M**

දැන් නම් ලොවෙත් කඩනවා බොරු....

ඔන්න තව එකක්...

මෙන්න මේ සයිට් එකෙන් පුළුවන් තමන්ගේ පාස්වර්ඩ් එක කඩන්න යන වෙලාව හොයා ගන්න....

මෙන්න මෙතනින් යමු.....

ඔන්න මම පාස්වර්ඩ් එක හදාගෙන අපු පිළිවෙලට , කඩන්න යන වෙලාව දානවා....

KAMAL .......... Instantly
IATETM .......... 0.077228944 seconds
IA2E2M .......... 0.544195584 seconds
I@2E2M .......... 4 seconds
** I@2E2M** .......... A thousand years

කොහොමද වැඩ....