Friday, November 15, 2013

Download නොකර video අරගන්න [video cache viewer]




අපි YouTube, Facebook හෝ වෙනත් ඕනෑම වෙබ් අඩවියක Video එකක් නරඹා හෝ Audio (mp3) එකක් Online ඇසුවායි සිතමු. එතකොට ඒ Video එක අපිට download කරගන්න අවශ්‍ය උනොත් , ඒක online නැරඹීමට ගිය data ප්‍රමාණය සහ download කිරීමේදී වැයවන data ප්‍රමාණය එකතු උනාම සැබෑවටම අපිට Original file එකේ ධාරිතාවය වගේ දෙගුණයක data ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා..
ඒත් සැබෑවටම Online Video/ Audio එකක් අපි බලනකොට ඒකෙ Online Stream වෙන data අපි නොදැනුවත්වම අපේ පරිගණකයේ browser cache එක තුල temporary ගබඩා වෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම (seek නොකර) Video එකක් බැළුව කියන්නෙ ඒ Video එක දැනටමත් ඔයාගෙ පරිගණකයට download වී අවසානයි.
නමුත් අපිට ලේසියෙන් ඒ file හොයාගන්න බැහැ. මොකද සෑම විටම browser cache එක තුල අවම වශයෙන් cache වූ files 10,000 කට වඩා තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ files store වෙන්නෙ හඳුනාගත නොහැකි file types වලින්.
ඉතින් ඒකට කදිම විසඳුමක් තමයි මේ ඉතාමත් කුඩා video cache viewer මෘදුකාංගය. Software එක කුඩා උනාට ඒකේ ප්‍රයෝජනය නම් ඉතාම ඉහලය

LINK

මේක Portable Software එකක් නිසා Install කරන්න අවශ්‍ය නැහැ. නිකන්ම double click open කරපු ගමන් ඔයාගෙ browser cache එක පීරල video files එකතු කර ගන්නවා.

http://1.bp.blogspot.com/-K-bm-KsgiD...00/Capture.PNG

File name එක නම් එන්නෙ ඔහොම හඳුනා ගන්න බැරි සංකේතයක්. Title හා Download link එකෙන් ඔයාට අවශ්‍ය Video එක හඳුනා ගන්න පුළුවන්.
Play button එකෙන් Video/Audio එක Play කරල බලන්න පුළුවන්. නමුත් default open වෙන්නෙ windows media player එකෙන් නිසා media player එකට support නොකරන Video format play කරන්න හැකියාවක් නෑ.
රතු පැහැයෙන් කොටු කරල තියෙන තැනින් ඒ media file ඔබට අවශ්‍ය තැනකට save කරගන්න පුළුවන්. Play කිරීමට නොහැකි files මෙමඟින් වෙන තැනකට save කරල VLC වගේ වෙනත් player එකකින් play කරන්න පුළුවන්.
මෙතනින් ඔබට ලබා ගත හැක්කේ In Cache අගය Yes වෙන files පමණයි. අනෙකුත් ඒවා cache memory එකෙන් දැනටමත් ඉවත් වෙලා.
ඔබ සම්පූර්ණයෙන් Video එක බැළුව නම් සම්පූර්ණයෙන්ම ඒක නැවත මෙමඟින් ලබාගන්න පුළුවන්. කඩින් කඩ බැළුවොත් එක් එක් කොටස වෙන වෙනම ලැබෙන්නෙ.

◘ Online නරඹන Video එකක් එසැණින්ම cache එකට read කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම උනොත් ඊළඟ පාර පරිගණකය boot කරාම හරි, එහෙමත් නැත්නම් restart කරාම හරි ආපහු software එක run කරාම ඔක්කොම video පෙන්වයි.