Friday, November 15, 2013

Windows 8 වල තිබෙන "Refresh" සහ "Reset" කියන පහසුකම.



අපි ගොඩ දෙනෙක් භාවිතා කරන්නේ Windows මෙහෙයුම් පද්දතිය නේ, ඉතින් මෙහෙයුම් පද්දතියේ යම්කිසි දෝෂයක් ඇති උනොතින් අපි කරන්නේ Windows මෙහෙයුම් පද්දතිය යළි ස්ථාපනය කරන එක.නමුත් Windows 8 මෙහෙයුම් පද්දතිය සඳහා අලුතෙන් හදුන්වා දී ඇතුලත් කරලා තියෙන විශේෂාංග දෙකක් තමයි "Refresh" සහ "Reset" යන විශේෂාංග.මේමැ පහසුකම් මගින් පහසුවෙන්ම පරිගණකය "Factory Default Configuration" වලට පත් කරගැනීමට හැකි වෙනවා.එමගින් බොහෝමයක් පද්දති දෝෂ නිරාකරණයට හැකි වෙනවා.ඒ වගේම තමයි ඔබට "Refresh Image " එකක් හදාගෙන ඔබගේ පරිගණකය boot නොවන අවස්ථාවකදී වුවද පහසුවෙන් boot කරගැනීමේ හැකියාව තියෙනවා
.




"Refresh" සහ "Reset" අතර ඇති වෙනස.


ඔබේ පරිගණකය "Refresh" කරන විට windows විසින් (Personal Files,Personalization Setting,Installed Modern Apps ) ආරක්ෂා කරනු ලබනවා.ඒ අතර windows විසින් පරිගණකයේ Setting "Reset" කරනු ලබනවා.Install කර තිබෙන "Desktop Programs " සියල්ලම මකාදමන අතර එලෙස මක දමනු ලැබූ "Programs" වල ලැයිස්තුවක් ඔබගේ "Desktop" එක මත Save වේ.


පරිගණකය "Reset" කිරීමේදී සිදුවන්නේ පරිගණකයේ තිබෙන Settings සහ Desktop Programs සියල්ලම මකාදමයි.නමුත් "Refresh" කිරීම මගින් පරිගණකයේ Personal Files ඉවත් කිරීමකින් තොරව අලුතෙන්ම windows මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කර තිබු ආකාරයටම පත් කරගැනීමට පුළුවන් හරියටම Hard Drive එක Format කරලා අලුතෙන් Windows දැම්ම වාගේ කියල කියන්න පුළුවන්.






ඔබගේ තීරණය පරිගනකය Reset හෝ Refresh කිරීමටද?


ඔබේ පරිගණකයේ යම් කිසි දෝෂයක් පැන නැගී ඇති බව ඔබට දැකගන්න ලැබෙනවානම් සහ එය නිරාකරණය කරගැනීමට අවශ්‍යනම්.පළමුව ඔබට පරිගණකය "Refresh" කිරීම මගින් ඔබේ දෝෂය මගහරවා ගැනීමට පුලුවන්ද බලන්න.මොකද එසේ කිරීම මගින් ඔබගේ පරිගණකයේ ඇති programs වලට සහ Personal Files වලට කිසිදු හානියක් නොකරන නිසා,එය ඔබට පහසුවක් වන නිසා.

ඉහතදී ගැටලුවට විසදුමක් ලැබුනේ නැති නම් ඔබට පුළුවන් පරිගණකය "Reset" කිරීමට.එමගින් පරිගණකයේ ඇති Personal files සියල්ලම මැකී යනවා.


"Refresh" සහ "Reset" කරගන්නේ කෙසේද?


ඔබගේ පරිගණකය ක්‍රියාකාරීත්වයෙ� �� �් තිබෙනවානම් ඔබට පහසුවෙන්ම "Refresh" හෝ "Reset" කරගැනීමට PC Setting වලින්






ඔබගේ පරිගණකය Windows 8 මෙහෙයුම් පද්දතිය හරහා boot වන්නේ නැතිනම් ,boot menu එක හරහා ගොස් "Refresh" හෝ "Reset" කරගැනීමට.ඒ සඳහා පහත අප විසින් ලබාදී ඇති වීඩ්යොව බලන්න.


අහුමුලුවෙන් උපුටා ගන්න ලදි.