Thursday, November 7, 2013

Dropbox, Google Drive, SkyDrive, Box සේවා එකම තැනින් පාලනය කරන්න

අන්තර්ජාලයේ ජනප්‍රියත්වයත් සමඟම ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින තවත් අංගයක් ලෙස ක්ලවුඩ් ෆයිල් හොස්ටිං සේවා හැඳින්විය හැකියි. අද අප බොහෝ දෙනෙක් Dropbox, Google Drive වැනි සේවාවනනෙකක් හෝ වැඩි ගණනක් අපගේ ෆයිල්ස් තැන්පත්කිරීම සඳහා භාවිතා කරනවා. එම සේවාල ඇති ගොණු අපගේ දෘඩ තැටියට වඩා ආරක්ෂාකාරී තත්ත්වයක පවතින බව කිව යුතුයි. නමුත් ඔබ Dropbox, SugarSync, Google Drive, SkyDrive, Box සහ Amazon S3 වැනි සේවා බොහෝ ගණනක් භාවිත කරයි නම් ඒවා වෙන වෙනම පාලනය කිරීම එතරම් පහසු වන්නේ නැහැ. එම සියලුම සේවා එකම ස්ථානයකින් පාලනය කිරීමට පහසුකම් සලස දෙන වෙබ් සේවාවක් තමයි මේ.
අලුතින් හඳුන්වා දුන් මෙම සේවය MultCloud ලෙස නම් කොට තිබෙනවා. මෙමගින් ඔබගේ Dropbox, SugarSync, Google Drive, SkyDrive, Box සහ Amazon S3 යන ගිණුම් එකම වෙබ් අඩවියකට ගොණු කර ඒවා එකම ස්ථානයකින් පාලනය කිරීමට අවකාශ සලසනවා. මෙය භාවිතා කිරීම කිසිසේත් අපහසු කාරණයක් නොවෙයි. ඔබ සතු ෆලික් හොස්ටිං සේවා මෙයට එකතු කිරීම පමණක් එයට ප්‍රමාණවත්. නොමිලේ ලැබෙන සේවාවක් වන මෙය අත්හදා බැලීම සඳහා පහත සබැඳියෙන් MultCloud වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
Visit MultCloud Now !
MultCloud-one-app-for-simultaneous-management-of-your-multiple-cloud-drives
මුලින්ම මෙහි ගිණුමක් සාදා ගැනීමට ඔබට සිදු වෙනවා. Create An Account මත ක්ලික් කොට අවශ්‍ය විස්තර සැපයීම මගින් එය පහසුවෙන්ම කර ගැනීමට හැකියි. අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිණයට පැමිණෙන පණිවිඩයේ ඇති සබඳිය ක්ලික් කොට ඊමේල් ලිපිණය  confirm කරන්න. දැන් ඔබට ඊමේල් ලිපිණය හා පාස්වර්ඩ් එක ටයිප් කිරීමෙන් MultCloud සේවාව වෙත ඇතුළු වීමට පුළුවන්.
2013MultCloud-Login
මෙහි අතුරුමුහුණත ඉතා අලංකාර අන්දමින් නිමවා නැතත් සරළ බව නිසා ක්‍රියා කරන අයුරු වටහා ගැනීමට පහසුයි. MultCloud සේවාවට ඔබ දැනට භාවිතා කරන ක්ලවුඩ් හොස්ටිං සේවා එකතු කිරීම සඳහා එම සේවාවට අදාඅළ tab එක මත ක්ලික් කරන්න. උදාහරණයක් ලෙස ඔබ Dropbox ගිණුම MultCloud හා සම්බන්ධ කරයි නම් පහත ආකාරයට Dropbox ටැබ් එකට පිවිස Display Name යන ස්ථානයට ඔබ කැමති, ඔබට පහසුවෙන් හඳුනාගත හැකි නමක් ලබා දෙන්න. ඉන්පසු Add Dropbox Account බට්න් එක ඔබන්න.
MultCloud-Put-multiple-cloud-drives-into-one
ඔබ දැනට Dropbox වෙත ලොග් වී නොමැතිනම් එයට ලොග් වීමටද Dropbox ගිණුම හා සම්බන්ධ වීමට MultCloud අවසර ලබා දීමටද මීළඟ පියවරේදී ඔබට සිදු වනු ඇති. එම ආකාරයටම SugarSync, Google Drive, SkyDrive, Box සහ Amazon S3 සේවාවන්ද MultCloud වෙත එක් කිරීමට පුළුවන.
ඉහත පියවර සාර්ථකව නිම කළ පසු අදාළ සේවා භාවිතා කළ හැකියි. සාමාන්‍ය ක්ලවුඩ් සේවාව භාවිතා කරන ලෙසම MultCloud තුළදීත් ෆයිල් අප්ලෝඩ් කිරීමටම, ඩවුන් ලෝඩ් කිරීමට, ෆයිල්ස් විවෘත කිරීමට හා රීනේම් කිරීමට හැකියි. පින්තූර වැනි සමහර ගොණු වර්ග සඳහා preview එකක් ඉදිරිපත් කිරීමටද මෙම සේවාව සමත්.
GDrive
පාලනය අපහසු වන තරමට ඔන්ලයින් ක්ලවුඩ් හොස්ටිං සේවාවන් භාවිතා කරන කාටත් MultCloud වෙතින් ලැබෙන්නේ හොඳ පිටිවහලක්. දැනට මෙම සේවාව නොමිලේ සපයනවා.

උපුට ගත්තේ ලයන් එකෙන්