Wednesday, November 13, 2013

දේශීය Windows ඇප්ලිකේශනයක් එලිදකී

බ්‍රවුසරයකට අතවත් නොතියා... ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම වෙබ් අඩවිය කියවන්න නවතම සොයාගැනීම..

ඉන්ටර්නෙට් ඩේටා  ඉතිරි කරයි....ඔබේ ඉන්ටර්නෙට් බිල අඩු කරයි..

ලංකාවේ වෙබ් අඩවියක් සදහා මෙවැන්නක් නිර්මණයවූ ප්‍රථම වතාව ලෙස මෙය හැදින්විය හැක.
මෙම ඇප්ලිකේශනය සාමාන්‍ය  පරිගණක සදහා නිර්මාණය වූ වින්ඩෝව්ස් ඇප් එකකි.windows xp,7 හා windows 8 සියලුම මෙහෙයුම් පද්ධති මේ සදහා සහාය දක්වන් අතර විශාලත්වය 4MB ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි.

මෙමගින් ඔබට අප වෙබ් අඩවිය,බ්‍රවුසරයක් ඕපන් කිරීමකින් තොරව කෙලින්ම ඔබේ පරිඝනකයෙන් ඉතා පහසුවෙන් නැරබිය හැකි වේ(එක ක්ලික් එකකින්).එමගින් ඔබට වැයවන ඩේටා ප්‍රමාණයද අඩු වන අතර ලිපි ඉතාමත් ඉක්මනින් දර්ශනය වීමද සිදුවේ.මෙහි වෙබ් අඩවියේ පුවත් වල පෙලගැස්ම දිස්වන අතර ඔබේ කැමැත්ත අනුව අවශ්‍ය ලිපිය ක්ලික් කල විට එහි සාරංශයක් දිස්වේ,තවදුරටත් ලිපිය කියවීමට අවශ්‍ය නම් ඔබව අපගේ වෙබ් අඩවියට යොමුකෙරෙනු ඇත.පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න -



මෙහි මුල් පිටුවෙන්ම අපගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකි අතර.අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි. 

මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැකි අතර ඔබ කැමති colour theme එකක්ද වෙනස් කරගත හැකිවේ.මෙහි වර්ණ සංකලන 7පමණ අන්තර්ගත වේ.
මෙය safire music playerය නිර්මාණය කර දේශාන් අලහකෝන්ගේ තවත් සුපිරි නිමැවුමකි.

ඉංග්‍රීසි භාශාවෙන් වැඩි විස්තර සදහා - මෙතනින්

අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි. 

මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැකි අතර ...
මෙහි අතුරු මුහුනත් කිහිපයක්...






උපුටා ගත්තේ දේශීය දේ වෙබ් අඩවියෙනි