Saturday, December 7, 2013

රිමූවබල් ඩිස්ක් එකක අයිකන් මාරුකරමු


රිමූවබල් ඩිස්ක් ඒ කියන්නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් වගේ ඒවාගේ අයිකන් මාරු කරන්න බෑ නේද සාමාන්‍ය විදිහට ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ‍ඔයාලට ඒවාගේ අයිකන් මාරු කරන්න ඉතින් එහෙනම් ඒකත් මෙන්න මේ විදිහට කරගන්නකෝ

පියවර 1 - අයිකන් එකක් හොයාගන්න පික්සල් 34 වගේ එකක් හොදයි



පියවර 2 - නෝට්පෑඩ් ඕපන් කරගන්න



පියවර 3 - [AutoRun] කියලා ටයිප් කරගන්න ඉස්සෙල්ලා



පියවර 4 - ඩ්‍රයිව් එකේ නම දාන්න මේ විදිහට label=Name(නේම් කියන තැනට ඔයාලාගේ ඩ්‍රයිව් එකේ නම දාන්න)



පියවර 5 - අයිකන් එක කොපි කරගන්න ඔයාලගේ ඩ්‍රයිව් එකට



පියවර 6 - ICON=your-icon-file.ico විදිහට your-icon-file කියන එක මකලා අයිකන් එකේ නම එතන රීප්ලේස් කරන්න .ico
තියෙන්න අරින්න



පියවර 7- ෆයිල් ටයිප් එක All වලට චේන්ජ් කරලා AUTORUN.inf විදිහට සේව් කරගන්න



 

පියවර 8 - අන්තිමට බලන්න ඔක්කොම හරිද කියලා මේ විදිහට තියෙන්න ඕනි....මේ ෆයිල් එකයි ඔයාලා ඒකේ දැම්ම අයිකන් එකයි
ඔයාලගේ ඩිවයිස් එකේ තියෙන්න ඕනි හොදේ
[AutoRun]
label=ඩිවයිස් නේම් එක
ICON=අයිකන් නේම් එක.ico



බලන්න කරලා හරි ගියේ නැත්තම් වැරැද්ද මොකක්ද කියලා බලලා හදාගන්න....මේක ගොඩක් අය දන්නවාත් ඇතිනේ ඒත් නොදන්න අයත් ඉන්නවානේ.