Wednesday, January 15, 2014

Win8 වල hibernate option එක දාගන්න


මේක වින්ඩෝස් 8 වල වැඩකෑල්ලක්. මම ඔයාලට කියල දෙන්න යන්නෙ windows 8 වලට hibernate power option එක දාගන්නෙ කොහොමද කියලා.මොකද අපිට සෙවන් වල වගේම hibernate power option එක default option යටතේ නොමැති වීම.



මෙන්න එහෙනම් ක්‍රමය. පහත පියවර ටික කරගෙන යන්නකෝ.

මුලින්ම ඔයාගේ Desktop එකේ පහලම තියෙන System tray icon ටික ගාවට යන්න

ඒ අතුරින් බැටරි මාක් එක තියෙන icon එක උඩ click කරන්න, ඊට පස්සේ එන චුටි වින්ඩෝ එකේ More Power Options එකට යන්න.


මේ වින්ඩෝ එකේ වමේ තියෙන ලිස්ට් එකෙන් “Choose what the power button does” කියන එක හරි “Choose what closing the lid does” කියන එක හරි දෙකෙන් එකකට යන්න,



ඊට පස්සේ එන වින්ඩෝ එකේ “Change settings that are currently unavailable” click කරන්න. ඊට පස්සේ ඒ වින්ඩෝ එකේම පහල තියෙන Shut down settings වලට ගිහිල්ලා, Hibernate එකට ටික් එකක් දාලා Save Changes ක්ලික් කරන්න.



දැන් වැඩේ හරි.
 


උපුටා ගත්තේ අහුමුලුවෙන්