Saturday, February 15, 2014

උබුන්ටු සඳහා සොෆ්ට්වෙයා.

ගොඩ දෙනෙක් උබුන්ටු වගේ ලිනක්ස් OS පාවිච්චි කරන්න කැමති නැති වෙන්න මූලික හේතුව සොෆ්ට්වෙයා නැති කම හෝ තියන ඒවා හුරු පුරුදු නැති වීම.සමහර සොෆ්ට්වෙයා තියනවා වින්ඩෝස් සහ ලිනක්ස් OS දෙකටම version තියන.

  1. Alcohol වගේ CD/DVD mount කරන්න Tool එකක් තමා Furious ISO Mount.
  2. Torrent ඩවුන්ලෝඩ් කරන්න නම් ගොඩක් හොඳයි qbittorrent.
  3. හැබැයි ඉතින් අපි හැමෝම දන්න Vuze / uTorrent ලිනක්ස් වලටත් තියනවා.
  4. IDM වෙනුවට Xtreme Download Manager (XDM) ගොඩක් හොඳයි use කරන්න.
  5. Cyberlink YouCam වෙනුවට Cheese Web Cam තියනවා. ඒත් ඉතින් YouCam එකේ තරම් වැඩ කෑලි නම් නෑ. සරලයි.
  6. Pitivi කියන්නෙ Ulead Video Studio වගේ හොඳ Video Editor එකක්.
  7. Indicator-stickynotes තියනවා Sticky Notes වෙනුවට.
  8. MS Visio / Edraw වෙනුවට Libre Office Draw.
  9. C# Code කරන්න නම් MonoDevelop තියනවා.
  10. KMPlayer වගේ 3D වීඩියෝ බලන්න පුලුවන් Bino 3D Player එකෙන්. 

මේ පහලින් දාලා තියෙන්නෙ අපි වින්ඩෝස් වල යුස් කරන ඒ වගේම ලිනක්ස් වලටත් versions තියන සොෆ්ට්වෙයා.

  1. Skype
  2. Google Chrome / Mozilla Firefox / Opera - වෙබ් බ්‍රව්සර්
  3. VLC Player
  4. QT Creator / Net Beans / Eclipse / Code Blocks – Coding කරන්න IDE’s
  5. VMware Player / VirtualBox - ව’චුවල් මැෂීන්ස්

උබුන්ටු සොෆ්ට්වෙයා සෙන්ටර් එකේ නම් Google Chrome වෙනුවට තියෙන්නෙ Chromium වෙබ් බ්‍රව්සර් එක. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඩව්න්ලෝඩ් කරන් ඉන්ස්ටෝල් කරගන්න.

https://www.google.com/intl/en/chrom...platform=linux

uTorrent වලට මෙ ලින්ක් එක.

http://www.utorrent.com/downloads/linux


මේ ඇරුනම Wine use කරල ගොඩක් වින්ඩොස් සොෆ්ට්වෙයා ලිනක්ස් වලට install කරන්න පුලුවන්. 


මේ පහල දාල තියෙන link එකෙන් ඔයාට හරි විදිහට ubuntu දාන හැටි බලගන්න පුලුවන්. 


Ubuntu දාන හැටි





No comments:

Post a Comment