1TB දක්වා අවකාශයක් රැගෙන එන Archival Disc නිවේදනය වේ....
Sony හා Panasonic එකව නිවේදනය කර
සිටින්නේ තම Archival Disc format ඔස්සේ භාවිතාකරන්නෙකුට ටෙරා බයිට එකක
දත්ත රැදවීම් පහසුවකට යා හැකි වනු ඇති බවයි. මීලග පරම් පරාවේ disc format
එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු
ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. video හා games සදහා වඩාත් උචිතවන ලෙසට
නිමවන DVD හෝ Blu-ray මෙන් නොව Archival Disc වැඩි කාලයක් දත්ත රඳවා තැබීම
සදහා වඩාත් උචිතව නිර්මානය කර ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. Sony
ආයතනය වැඩි දුරටත් පවසන්නේ පාරිසරික සාධක වන දුහුවිලි , තෙතමනය රෝධී මෙන්ම
උෂ්නත්වය සදහා වඩාත් ඔරොත්තුදෙන මෙන්ම පැමිනෙන නව ගොනු රටා සමග පහසුවෙන්
ක්‍රියාත්මක වන ලෙසට මෙම නව නිකුතුව නිර්මානය වී ඇති බවයි. 2015 වන විට
වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව 300GB ලෙස්ට සැලසුම්ව ඇති අතර එය
500GB ලෙසට හා අවසානයේ 1TB දක්වා දියුනු කරන්නට නියමිතව ඇති බවයි.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment