: මුලින්ම ඔයා වයිරස් රාජයා තියන පෙන් එක මෙමරි කාඩ් එක් හරි මොන මගුලක් හරි ගහලා ඉන්න.
: ඊට පස්සෙ මෙන්න මෙතනින් “AutorunExterminator” මලයව බාගන්න.
: තුන්වෙනියට ඒක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න.
: එතකොට ඔයාලට දකින්න පුලුවන්
නෝටිෆිකේශන් බාර්(bar ඈ) එකේ මෙන්න මෙහෙම පොඩි කතිරයක් තියනව.ඕක කොලාම
autorun.inf ෆයිල් ටික බංග වෙලා යනව.
දැන් ඉතින් වැඩේට බහින්න තමා තියෙන්නෙ.
: Command Prompt එක administrator
විදිහට (එහෙම කරන්නෙ මෙහෙමයි start>all programs >accessories ගියාම
ඇති Command Prompt කියලා,ඒක උඩ right click කරලා run as administrator
දෙන්න එතකොට හරි.. ඕපන් කොර ගන්න.
: ඒකෙ ඇතුලෙ මෙන්න මේ කෝඩ් එක ගහලා වැරෙන් එන්ටර්(enter)පාරක් දෙන්න.
attrib -h -r -s /s /d g:\*.*
: වැදගත් - මම මේකෙදි වයිරස් එක තියන drive එක විදිහට ගත්තෙ g drive එක ඔයාලට පුලුවන්
attrib -h -r -s /s /d g:\*.* කෝඩ් එකේ රතුපාටිං තියන g වෙනුවට වයිරස් එක තියන drive එකේ පාත් එක දෙන්න.
: ඔන්න අන්තිම හරිය මෙතනින් Malwarebytes
Anti-Malware සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා
අප්ඩේට්(update)කරගෙන ෆුල් ස්කෑන් එකක් වයිරස් එක තිබ්බ පාත් එකට දෙන්න.
: ඊටපස්සෙ ඕකට අහුවෙන ඔය කුනු කන්දල් ටික ඩිලීට් කරලා දාන්න.
හරි දැං ඔක්කොම හරි බලන්නකෝ ඔය මහලොකු වයිරස් එක තිබ්බ පෙන් එකට ගිහිල්ල ලස්සනට shortcuts ටික බංගස්තාන් වෙලා ඇති!
ගත්තේ Zoom එකෙන්
No comments:
Post a Comment