Saturday, October 4, 2014

මොකක්ද මේ 4K හා 8K Resolution කියන්නේ.?



මේ දවස්වල හැමතැනම 4K UHD ගැන කතා වෙනවනේ. Samsung, LG දෙන්නම 4K UHD Ads විකාශය කරනවා. එතකොට 4K UHD කියන්නේ හරියටම මොකද්ද? ඒකෙන් අපිට ඇති වැඩේ මොකද්ද? දන්නවාද? මමත් සැම්සන්ග් curved ටීවි එකේ ඇඩ් එක දැක්කට පස්සේ තමයි ඕක ගැන දැන ගත්තේ. කෙලින්ම ගියේ විකිපීඩියා එකට.


මම ඒක මෙහෙම කියන්නම්.

4K is a professional production and cinema standard, while UHD is a consumer display and broadcast standard.
මේ 4K කියන එක ඇත්තටම ආවේ Digital Cinema Initiatives (DCI) කියන එකෙන්, 4K කියන්නේ screen එක (ඩිස්ප්ලේ හෝ TV) විසින් යම් කිසි වැඩි resolution එකක් support කරනවායි කියන එක කියලා සරලව හිතා ගන්න. මේක ලොකු සංකල්පයක්.

මේක 4096×2160 වගේ වෙනවා, ඒ කියන්නේ 2K වගේ දෙගුනයක් කියන එක. නමුත් ගොඩක් තියෙන්නේ මේ වගේ 3840 pixels X 2160 pixels කියන resolution. එක ‍මේ 4K resolution එක තියෙන ඩිස්ප්ලේස් වල Full HD [1920 1080] වගේ 4 ගුණයක් පික්සල්ස් තියෙනවා.

4K සහ UHD කියන නම් දෙකෙන්ම අදහස් කරන්නේ එකම දේ කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ගොඩක් වෙබ් සයිට් වලත් මම දැක්ක එහෙම දාලා තියන්වා, නමුත් ඒක දෙකක්.
Ultra High Definition, or UHD for short, මේකේ resolution එක 1920×1080 වගේ. ඒ වගේම ඩබල් සයිස් UHD resolution එක 3840×2160 වගේ වෙනවා.


කට්ටිය 4K කියලා ඇඩ් කරන ගොඩක් ටීවී UHD ඒවා. එතකොට 8K කොහොම ඇතිද නේද?
පහත දැක්වෙන වගුවෙන් මේ බව තව දුරටත් පැහැදිළි වෙනවා.




මේ 4කේ ස්ට්‍රීම් එක JPEG2000 කියන ෆෝමැට් එකෙන් කම්ප්‍රෙස් කරලා තමයි නිර්මානය කර ගන්නේ. මේවා නම් වැඩි තොරතුරු. ෆිල්ම් බලන්න මේවා මොකටද නේද? දැනගන්න ඕන අය ඇති කියලා ත්මයි මම මේ දැම්මේ. බිට් රේට් එක 250 megabits per second (Mbps) තරම් වන අතර 12-bit 4:4:4 color depth එකක් තියන්වා.

නමුත් 4K වල තියෙන ප්‍රශ්නේ තමයි තවමත් මුළු ලෝකෙම 4K full process එකකින් නිශ්පාදිත වැඩසටහන් ඉතාමත්ම අඩුයි. Netflix සමාගමේ එකක් තියන්වා, එකේ අලුත් සීසන් එක තනිකර 4K වලින් තමයි ඉදිරිපත් කරන්නේ. FIFA World cup එකේ සමහර matches ජපානේ 4K වලින් පෙන්නුවා. මේ වගේ ටිකින් ටික shows 4K වලින් හැදීගෙන යනවා. ඒ වගේම ඉතාමත් මිල අධිකව පටන් ගත්ත 4K TV වල මිල දැන් ඉතාමත්ම සීග්‍රයෙන් අඩු වීගෙන යනවා. ඒ නිසා මිලදී ගන්න ඊළඟ TV එක හෝ Monitor එක 4K UHD එකෙන් තෝරන එක නුවණට හුරුයි.

නමුත් ලංකාවේ ටීවි වල තාම පෙන්වන්නේ 720x576

මේක බලන්න.

http://www.samsung.com/us/uhd-tv/#intro

Netflix වීඩියෝ ස්ට්‍රීම් කරලා බලන්න ඇප් එකක්, වින්ඩෝස් 8(.1) ව්ලට 



උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි. 




 

No comments:

Post a Comment