Saturday, October 19, 2013

Avast හි 2014 අවසාන සංස්කරනය



Download

නොමිළේ භාවිතාවට නිකුත්වන මෘදුකාංග අතරින් Avastමෘදුකාංගයට හිමිවන්නේ පලමු පෙල පිලිගැනීමකි.boot-time-scan පහසුව සමග එන එකම මෘදුකාංගය ලෙසට ගැනෙන මෙම මෘදුකාංගයේ 2014 සදහා වන පූර්න සංස්කරනය මේ වන විට නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ.එම ආයතනය පවසන්නේ වසර 25ක් තිස්සේ උපාංග මිලියන 200ක් මත ධාවනය වෙමින් ලබා ගත් අත්දැකිම් ඔස්සේ ලොව වඩාත්ම නිවැරදි හා වේගවත්ම ආරක්ශක මෘදුකාංගයක් ගෙනෙන්නට තමන්ට හැකිව ඇති බවකි.මෙම නව සංස්කරනය සමග Do Not Track function පහසුව browser plugin එකක ලෙසට ‍රැගෙන එන්නට කටයුතු කොට ඇති අතර DeepScreen technology ඔස්සේ සැක සහිත මෘදුකාංග ධාවනය ඔස්සේ පරිගණකයට විය හැකි හානිය වලකන්නට සමත්වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම නව සංස්කරනය සමග binary level commands හඳුනා ගන්නට හැකිවීම සමග වඩාත් ගැබුරින් හානිකරයන් ගෙන් වෙන්ව සිටීමට භාවිතාකරන්නන් හට හැකි වනු ඇති බවටයි ආයතනය පවසන්නේ.