Friday, October 18, 2013

softwear නැතුව file hide කරමු.

පරිගණකයක් පාවිච්චි කරද්දි අත්‍යවශ්‍යම දෙයක් තමා ෆෝල්ඩර් ලොක් කියන්නෙ. ඒත් ෆෝල්ඩර් ලොක් වලත් සීමාවන් තියෙනවා. උදාහරණයක් විදියට ෆෝල්ඩර් ලොක් එක ඇතුලේ තියෙන ෆයිල් නොපෙනුනාට ෆෝල්ඩර් ලොක් එක පේනවා. ඊට වඩා හොදයි ෆෝල්ඩර් ලොක් නොදමා හයිඩ් කරල තියෙන එක. නේද? අපි කොහොම කියුවත් හැමෝටම තියෙනවනෙ පෞද්ගලිකත්වයක්. ඒක රැකගන්න සමහර ෆයිල් හන්ගන්න වෙනවා. එහෙම නැත්තන් ඔයාල ලග තියෙන සමහර සමහර ෆයිල්, අර එමා බලන්න ගිහින් ඇනගත්තෙ? අන්න ඒ වගේ ඒව තැන තැන එලියෙ දාල තියන්න බෑ. ඒත් ෆෝල්ඩර් ලොක් එකක් දාල තියන්නත් බෑ. නෝන්ඩිනෙ වැඩේ.. මන් දෙන්නම් සුපිරි විසදුමක්.

හැමෝට මවැදගත් වෙන දෙයක්. පොඩි කමාන්ඩ් 2ක් 3ක් එහා මෙහා කරන්න තියෙන්නෙ. මන් කියන විදියට වැඩේ කරල ටෙස්ට් කරලා බලන්නකො. හොදයි නම් ඔයාල දිගටම පාවිච්චි කරන්න. මේකෙ සැලකිය යුතු කරුණු වගයකුත් තියෙනවා. ඒව කියන්න කලින් මේක අත්හදා බලමුකො දැන්. හරි. මුලින්ම මෙන්න මේකෙ තියෙන විදියට වැඩේ කරන්නකො. මුලින්ම ඔයාල වින්ඩෝව්ස් ස්ථාපනය කරල තියෙන පාටිෂන් එකේ නැතිව වෙන එකක ඔයාලගෙ නමින් ෆෝල්ඩර් එකක් හදාගන්න. මේකෙ අකුරු අමතක වෙන්න බෑ. ඒ නිසා තමා ඔයාලගෙ නමින් හදන්න කීවෙ.
ඊ ලගට ඕල් ප්‍රෝග්‍රැම්ස් වල මෙන්න මේ විදියට සෙවීමක් කරල එන එක ඕපන් කරගන්න.





දැන් එකේ මුලින්ම ඔයාලගෙ නමින් සේව් කරපු ෆයිල් එකෙ තියෙන පාටිෂන් එකේ අකුර දීල ඩොට් 2 දීල එන්ටර් කරන්න. මගෙ ෆයිල් එකෙ තියෙන්නෙ ඩී පාටිෂන් එකේ නම් මන් කරන්නෙ මෙහෙම.  





ඊ ලගට මෙන්න මේ පියවර හරියට කරන්න. ඔතන ඔයාලගෙ ෆෝල්ඩර් එකේ නම දීල හිස්තැන් තියල තියෙන ඒව හරියටම බලාගෙන කරගන්න. ඒ පියවරත් හරියටම කරන්නකො.





ඔයාල හරියටම ඉහත පියවරවල් කරා නම් දැන් ඔයාලගෙ ෆයිල් එක තිබුන පාටිෂන් එකට ගිහින් රීෆ්රේශ් කරල බැලුවම ඔයාලගෙ ෆෝල්ඩර් එක නෑ. හරි ලේසියි නේද.
දැන් බලමු ආයෙත් ගන්නෙ කොහොමද කියල. කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. අවසාන පියවරම අනික් පැත්තට. ඒකෙ ධන ලකුණු 2 වෙනුවට රින ලකුණු 2ක් දෙන්න. මෙන්න මේ වගේ.


දැන් ඔයාල පාටිශන් එකට ගිහිල්ල රිෆ්රේශ් කරල බලන්න. කලින් නොතිබුන ෆයිල් එක ලස්සනට තියෙයි. හොදයි නේ?
මේකෙදි මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. නමේ අකුරු හරියිටම කැපිටල් සිම්පල් වලින් මතක තියාගන්න. අනික තමා මේ ක්‍රමෙන් ඔයාලගෙ දෙදකා්ර ෆෝල්ඩරෙක් කාටවත්ම හොයන්න බෑ. එක හොයන්න පුලුවන් ෆයිල් එකේ නම දන්නවනම්. ඔයාලගෙ රහසිගත දේවල් ඔක්කොම රහසිගත නමකින් මේ ෆෝල්ඩර් එකට දාල රහසිගතවම පාවිච්චි කරන්න පුලුවන්. මොනම හේතුවක් හින්දවත් නම නම් අමතක කරන්න එපා.