Wednesday, October 30, 2013

පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ.







පුංචි ඉඩක වැඩ ගොඩක් තියන
මෙහෙ‍යුම් පද්ධති.....

පාවිච්චි නොකරන USB පෙන් එකක් තියෙනවනම්
ලැප්ටොප් එකක් නැත්තම්

පෙන් එක ලැප්ටොප් එකක් කරගන්න විදිහ......


ලෝකෙ ‍ගොඩක් අය දැන් Portable මෙහෙ‍යුම් පද්ධති පාවිච්චි කරන්න පටන් අරන්...

ඇයි ඒ....


►වැඩි ඉඩක් යන්නෑ , අතේ අරන් යන්නත් පුලුවන් (Portable).
Open source.
►ගොඩක් හාඩ්වෙයා Automatically Detect කරගන්න‍ව.
►ගොඩක් Audio video codec මෙහෙ‍යුම් පද්ධතියෙම තියනව.
►මෙහෙ‍යුම් පද්ධතියෙම තියන Application වලින් Propriety OS වල හදපු Files වල වැඩ කරන්න පුලුවන්.
►Propriety OS වල File system ‍වල‍ට , Folder structure එක‍ට ගැලපෙනව.

කොහොමද ඉතිං මේක කරන්නෙ.....

Download Slax OS -Download
Download LinuxLive USB Creator 2.4 - Download

මේ දෙකම ගන්න....

►USB පෙන් එක Machine එකට ගහන්න
►LinuxLive USB Creator 2.4 ... එන්නෙ Rar file එකක් ඒක Extract කරගන්න.
►ඒ Extract Folder එකේ LiLi USB Creator Application එක Run කරන්න.
►දැන් Step 1 එකෙන් USB පෙන් එක තෝරල දෙන්න.
►ඊට Step 2 පස්සෙ එකෙන් ISO/IMG/ZIP එකෙන් Slax OS එකේ Download වුන එක තෝරල දෙන්න.
►Step 4 එකෙන් Check Box 3 ම Tick කරල Step 5 එකේ Lightning Icon එක Click කරන්න.
►දැන් Format කරන්නද අහයි... හා කියන්න.
►ඔය වැඩේ ඉවර වුනාම Internet එක‍ට යනව. අන්න එතකො‍ට වැ‍ඩේ හරි...

ඔන්න ඔහොමයි වැ‍ඩේ කරන්නෙ...

දැන් Machine එක Restart කරන්න.
First Boot Device එක විදිහට Hard එක දෙන්න.
First Hard එක විදිහට USB Pen එක දෙන්න.
දැන් Save කරල Exit වෙන්න.

ඔන්න ඔයාලගෙ අලුත් ලැප් එක Boot වෙනව...
ඔයාල‍ට ඔයාලට ඕනි Software, Files ඔය ලැප් එක‍ට දාගත්තම ඕනි Machine එකකදි පාවිච්චි කරන්න පුලුවන්.

Boot වෙන්නැති Machine Format කරන්න කලින් C: එකේ තියන Files ගන්නත් මේකෙන් පුලුවන්...

හැබැයි Password Protect කරල තියන අනුන්ගෙ Machine වලට රිංගන්න නම් මේක පාවිව්වි කරන්න එපා. කෝක‍‍‍ටත් Password Protect කරල තියන අය BIOS වලිනුත් Password එකක් දාගන්න. එතකො‍ට Portable OS වලින් වැලි මීයන්ට Machine වලට රිංගන්න බෑනෙ...

මේ තියෙන්නෙ තව ‍Portable OS ටිකක්...

Damn Small Linux - Download
Puppy - Download
Berry Linux - Download