Wednesday, October 30, 2013

TabExplorer මගින් Windows Explorer එකට Tabs එකතු කරගන්න



අන්තරජාලය පුරා සැරි සරණ ඔබට ඔබේ web browser එකේ තිබෙන tabs feature එක සැහෙන්න ප්‍රයෝජනවත් වෙනවා ඇති. ඉතින් ඔබට කවදාක හරි හිතිලා තියෙනවද මේ web browser එකේ තියෙන tabs feature එක windows explorer වලටත් තිබුනානම් කොච්චර හොදද කියලා..? මම දකින විදියට windows explorer වල තියෙන ලොකු අඩුවක් තමයි මේ tabbed interface එක. ඉතින් මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ windows explorer වලට tabs එකතු කරගන්න පුළුවන් අපූරු freeware tool එකක් ගැනයි.
මේ අපූරු tool එකේ නම “TabExplorer”. Windows 7 වගේම windows vista හා windows xp යන මෙහෙයුම් පද්දති සදහා මෙය සහය දක්වනවා. මෙම tool එක මගින් ඔබ tabs feature එක enable කරගත් පසුව windows explorer හී උඩින් tabs කිහිපයක් එකතු වී ඇති බව දැකගන්නට පුළුවන්. ඔබට බොහොම පහසුවෙන් මේ tabs අතරේ මාරු වෙන්න පුළුවන්. Explorer window කිහිපයක් open කරගෙන, එහෙම නැතිනම් එකම window එකේ අරහෙටයි, මෙහෙටයි ගිහින් වැඩකරපු ඔබට මෙම tool එක ගොඩක් වටීවි.




Key Features

  • Add Tabs to Windows Explorer
  • Auto Run when system start up
  • Portable Mode
  • No Adware/Spyware/Virus guarantee
  • Simple and streamlined user interface.
  • Win7 Integration.
Download