Thursday, October 31, 2013

Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්



 ඉස්කොලෙ / කැම්පස් යන නංගිලා මල්ලිලා සහ සෑම වෘත්තීයකටම අදාල වන දෙයක් සහ 100% ලාංකීය පරිගනක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. Creately නමින් හැන්දින් වන දැනට ලෝකයේ පවතින හොඳම Diagram Software හතර අතර ඇති ලාංකිකයෙකු විසින් සොයා ගන්නා ලද මෙම මෘදුකාංගය මුලු ලොවම පරසිද්ධ වි ඇත. මෙය සොයා ගැනීමට මූලික වී ඇත්තේ ශ්රී ලාංකිකයෙකු වන චන්දික ජයසුන්දර මහතා ඇතුලු තවත් කිහිප දෙනෙකුත්ය. 2008 වසරේ Australia මෙල්බර්න් නගරයෙන් ආරම්බ වූ සමාගම දැනට ලොව විශාලතම Market Share හිමිකම කියන සමාගමක් බවට පත්ව ඇත. Microsoft සමාගමේ Visio Software එක වෙත අභියොගයක් එල්ල කිරීමට හැකි එකම මෘදුකාන්ගයද මෙය වෙනව.



ඉතා කැපී පේනෙන විශේෂාන්ග රැසක් සහිත මේම මෘදුකාංගයේ Online & Desktop සංස්කරනයක් තිබේ. දැනට පවතින සියලුම ප්රදාන මෙහෙයුම් පද්ධතිවල ක්රියාත්මක වෙයි (Windows, Mac OSX, Linux). 


ලින්ක් එක



Creately සමග නිර්මානය කර හැකි Diagrams අති විෂාල සංඛ්යාවක් පවතින අතර, පහත සදහන් Diagrams වර්ග ඒ අතරින් කැපී පෙනේ.

Flowchart

Gantt Charts

Organizational Charts

Mind maps

UML diagrams (use case, activity diagrams, state diagrams, class diagrams…etc)

SWOT analysis

Wireframes Diagrams

Educational Diagrams

Web Site maps

ER Diagrams

Network Diagrams

Educational Diagrams (K12, Pie charts, Block Diagrams, etc.)




අපිට Design කරන Diagrams Online Save කරන්න පුලුවන්. FREE diagrams අදින්න පුලුවන් හැබයි export කරාම water mark එකක් වැටෙනව. හැමදාම Diagram අදින කෙනෙක්ට 5$ වගේ අඩුදලකට license එකක් ගන්න පුලුවන්. මං ප්රොජෙක්ට් කරද්දි මේක මට මාරට උදවු උනා. මෙකන් අපිට Diagram අදින්න ඉගෙනගන්නත් පුලුවන්. ඒ සදහා Creately විසින් Tutorials & Diagram templates ලභාදී තියෙනව.


උපුටා ගත්තේ එලකිරියෙන්