Thursday, October 31, 2013

DNS වෙනස් කර අධිවේගීව අන්තර්ජාලයේ සැරිසරමු.



අද කාලේ පොඩි එකත් දැන් internet යනවනේ. ඔහොම internet ගියාට අවුලක් නෑ සුපිරි speed එකක් තියෙනවා නම්. නැත්තම් ඉතිං page එකක් load වෙන්න හැට පැයක් යනවනේ මේකට තියෙන එක විසදුමක් තමයි DNS කියන්නේ. මොකද කියනවා නම්, DNS දැම්ම ම අපේ අන්තර්ජාල වේගය ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. DNS කියන ඒවා සල්ලි වලට සහ නිකනුත් දෙනවා. අපිට ඉතින්
පාවිච්චි කරන්න පුළුවන් නිකන් දෙන ඒවා විතරයි.


DNS කියන්නේ Domain Name System කියන එකයි. මෙන්න මේ කියන DNS වලින් කරන්නේ , විවිධාකාරයේ වෙබ් අඩවි සහ Domain Names එනම් වසම් නාම කළමනාකරණය කිරීමයි. ඒ කිව්වේ මොකක්ද කියල ඉතාමත් සරල ව කියනවා නම් , ඔයාල ඔයාලගේ browser ( Chrome , Firefox වැනි ) එකේ address bar එකේ මොකක් හරි address එකක් type කලොත්, ඒකට අදාළ IP address එක හොයලා දෙන්නේ මෙන්න මේ DNS වලින් තමයි. මගේ ළග DNS server address 5ක් තියෙනවා. මට හම්බුණු හොදම සහ ප්‍රධාන ම 5 තමයි මේ.... මේ DNS දාගන්නේ කොහොමද ? මේ DNS ගැන විස්තර වගේ හැමදෙයක් ම, මම ටිකෙන් ටික කියන්නම්. එතෙක් ඉවසගෙන ඉන්න..... :p

 

01) Google DNS 


නම දැක්කම කස්ටියට අවුල් උනාද මන්දා...මේකයි , මම දැන් මේ කියන්න යන DNS server එක ලබා දෙන්නේ Google එකෙන්. මේක තමයි දැනට ලෝකයේ විශාලතම DNS සේවා ජාලය කියලා කිව්වොත් මම නිවැරදි. මෙම සේවාව ආරම්භ කළේ 2009දි. එතකොට මේ Google එකෙන් දෙන DNS server එක පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ, මවුන්ටන් වීව් කියන ප්‍රදේශයේ. Google වලින් ලබා දෙන DNS නම් ,
Preferred DNS server : 8.8.8.8
Alternate Dns server : 8.8.4.4


02) OpenDNS



මේක ගැනත් කියනවා නම් , මේකත් හොද speed DNS server එකක්.මේක පිහිටලා තියෙන්නේ නම් , ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස් වල සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ.... මේකේ DNS නම් ,
Preferred DNS server : 208.67.222.222
Alternate Dns server : 208.67.220.220


03) Norton DNS



නම දැක්කම කස්ටිය පුදුම උනාද? Norton කියන්නේ Virus Guard එකක් කියලා කවුරුත් දන්නවනේ. ඔව් එක ඇත්ත. Norton ආයතනයෙන් Virus Guard විතරක් නෙවෙයි, DNS සේවාවත් අපිට දෙනවා. මේක පිහිටලා තියෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ , මෙසා,ඇරිසෝනා,කුපර්ටිනෝ කියන ප්‍රදේශ වලයි. මෙම සේවාව පටන් ගත්තේ නම් 2010. Norton ආයතනයෙන් තුන් ආකාරයක DNS සේවා 3ක් දෙනවා. එනම් ,


(a) Norton ConnectSafe 1 


 

මේකෙ තියෙන විශේෂත්වය නම්, malware , phishing සහ spams තියෙන වෙබ් අඩවි auto block කරනවා..
Preferred DNS server : 198.153.192.40
Alternate DNS server : 198.153.192.50

(b) Norton ConnectSafe 2


මේකෙ තියෙන විශේෂත්වය නම්, malware , phishing , spams සහ 18+ දේවල් තියෙන වෙබ් අඩවි auto block කරනවා.
Preferred DNS server : 198.153.192.50
Alternate DNS server : 198.153.194.50

(c) Norton ConnectSafe 3


මේකෙ තියෙන විශේෂත්වය නම්, malware , phishing , spams , 18+ සහ හුරුපුරුදු නැති, අප්‍රසිද්ධ, අනවශ්‍ය යැයි සිතන දේවල් තියෙන වෙබ් අඩවි auto block කරනවා.
දැන් මෙහෙමයි, ඔය auto block කරනවා කියලා කිව්වේ ඒවට යන්න බෑ කියන එක නෙවෙයි. යන්න පුළුවන්. හැබැයි එවෙලෙට speed එක ගොඩක් අඩු කරනවා. අන්න එකයි අවුල.....
Preferred DNS server : 198.153.192.60
Alternate DNS server : 198.153.194.60


04) Comodo Secure DNS


Comodo කියන්නෙත් Virus Guard, Web Browser වගේ ඒවා දීපු තවත් ආයතනයක්. මේක පිහිටලා තියෙන්නෙත් ඇමරිකා එක්සත් ජනපදයේ ම තමයි. මෙහි විශේෂත්වය නම්, phishing, malware සහ spyware තියෙන වෙබ් අඩවි auto block කිරීමයි.
Preferred DNS server : 8.26.56.26
Alternate DNS server : 8.20.247.20


05) DNS Advantage


Neustar කියලා සමාගමක් තමයි මේ DNS සේවාව පවත්වාගෙන යන්නේ. මේක පිහිටලා තියෙන්නෙ, ඇමරිකා එක්සත් ජනපදයේ , වර්ජිනියා වල ස්ටර්ලින්ග් කියන ප්‍රදේශයේ.
Preferred DNS server : 156.154.70.1
Alternate DNS server : 156.154.71.1

හරි....ඔන්න එහෙනම් මම DNS server 5 කියලා ඉවරයි. දැන් මෙතනින් කැමති DNS server එකක් තෝරා ගන්න එක ඔයාලගේ වැඩක්. දැන් බලමු මේ DNS කොහොමද අපේ computer එකට දාගන්නේ කියලා...මෙහෙමයි..... 



1. Click Start >> Control Panel
step-1-how to change dns server in Windows 7
2. Click ‘Network and Internet’ link.
step-2-how to change dns server in Windows 7
3. Next, click on ‘Network and Sharing Center’.
step-3-how to change dns server in Windows 7
4. Click on ‘Change adapter settings’ on the left side of the window.
step-4-how to change dns server in Windows 7
5. On the next window, right click ‘Local Area Connection’ and select ‘Properties’.
step-5-how to change dns server in Windows 7
6. Double-click on ‘Internet Protocol Version 4 (TCP/IPv4)’
step-6-how to change dns server in Windows 7
7. Lastly, in the ‘Internet Protocol Version 4 (TCP/IPv4)’ Properties box, you can make changes and add your DNS Server. Select the checkbox “Use the following DNS server address” and enter your DNS server IP, for example 192.168.2.254. Often, routers and other network devices use a very high IP like 254 for the default gateway. For your own IP you should therefore always pick an IP between 5-100.



step-7-how to change dns server in Windows 7