Thursday, October 31, 2013

Torch බ්‍රව්සරය....

                                       Chrome,FireFox වලට තිත.




ඔන්න ඉතින් මම කියන්නේ පට්ටම දෙයක් ගැනයි!මේ ඔයාලා Net එකෙදී ගොඩක් වැඩ කරනවා නේ.ඉතින් ඒවා තාමා Online Game ගහනවා,Video Download කරනවා,File Download කරනවා වගේ ඒවා.ඉතින් මම අද කියන්නේ ඒවා ඔක්කොම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් ගැනයි!ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති.එක තාමා Torch කියන්නේ.Torch කියන්නේ All In One Browser එකක් ඒ කියන්නේ හැම පහසුකමක් ඒ Web Browser හැමදෙයක්ම ඒකෙ තියනවා.මම කියනවට මේක අරගෙන බලන්නකෝ. මම මේක ගන්න කියන්නේ ඇයි කියලා ඔයා පහළ ටික කියවන්නකෝ.

1.තත්පර ගානක සුපරි වේගය
මෙහි ඇති Hola නම් නවීන තාක්ෂණික Internet Accelerator එක නිසා ඔබට වේගයෙන් වෙබ් අඩවි, පිටු ව‍ලට පිවිසීමේ හැකියාව ලබා දී තිබේ. මෙම අංගයවෙත යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති දෙවැනි Button එක Click කල යුතුය. එවිට මෙහි ප්‍රධාන මෙනුවට යොමුවී අදාල සැකසුම් කරගත හැක.


2. සුපිරිට සිංදු අහමු
මෙම විශේෂාංගය මගින් ඔබට අවශ්‍ය ගීත ආදිය ලබාගත හැක.මෙයට යොමු වීම සදහා බ්‍රව්සරයේ දකු‍ණේ ඉහල කෙලවරේ ඇති තෙවැනි Button එක Click කල යුතුය.


3. Torrent බාගන්නත් පුළුවන්.
මේ සදහා කල යුත්තේ Torrent File එක Download කල ‍පසු එය Torch බ්‍රව්සරය සමග Open කිරීමයි. එවිට ඉබේම Download වීම ඇරඹේ.


4.AUDIO සහ VIDEO වැනි ඕන එකක් ගේමක් නැතුව බාගන්නත් පුළුවන්.
INTERNET DOWNLOAD MANAGER අනවශ්‍යයි IDM ගහමු පොළේ අල්ලා!!


මේකේ තියන පට්ටම දේ තාමා ඔයා Web එක්දි දකින ඕන Video හා Audio කියන ඕන එකක් ඔයාට Download කරන්න හිතුන ගමන් උඩ තියන Media button එක Click කරලා ඕන Video හා Audio ඕන එකක් බාගන්න පුළුවන්. එවිට ඔබ තෝරාගත් File එක ඉබේම Download වීම ඇරඹේ.



5. ඕනෑම දෙයක් පහසුවෙන් FACEBOOK , TWITTER හි SHARE කිරීමේ හැකියාව.
ඒ සදහා මෙහි දකු‍ණේ ඉහල කෙලවරේ ඇති හයවැනි Button එක Click කල යුතුය. ඉහත සදහන් කල දෑට අමතරව තවත් ප්‍රයෝජන රැසක් අත්විදින්න.


Torch Web Browser එක ඩවුන්ලෝඩ් කර ගැනිමට Click කරන්න.