Friday, November 1, 2013

ගූගුල් සර්ච් රහස්..

ගූගුල් සෙවුම්



අන්තර්ජාලය අපට විශාල පුස්තකාලයකට සමාන කල හැක.විශාල පුස්තකාලයක පොත් අපිලිවෙලට ඇතිනම් අපට අවශ්‍ය පොතක් සෙවීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වෙයි.අන්තර්ජාලයෙන් එවැනි අපිලිවෙලට ඇති වෙබ් අඩවි ලක්ෂ ගනනකින් හා අසීමිත ලෙස දත්ත වලින් සමන්විත වූවකි.මේ නිසා අපට අන්තර්ජාලයෙන් දෙයක් සොයාගැනීමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම සර්ච් එන්ජින් එකක පිහිට බලාගත යුතු වෙයි.



සර්ච් එන්ජින් එකක් මගින් සියලුම වෙබ් අඩවි වල ඇති දත්ත සියල්ලක්ම ඔහුගේ දත්ත ගබඩාවක් වෙත ගෙනත් තබා ගනී.සර්ච්
එන්ජින් එකක ක්‍රියාකාරීත්වය මේ ආකාර වේ.ගූගුල් සර්ච් එන්ජින් එක මගින් සෙවීමක් කිරීමේදී එහි නිරවද්‍යතාව වැඩිකර ගැනීමට ක්‍රම කිහිපයක් මෙම ලිපිය මගින් ඔබට දැනගත හැකි වේ.නැතිනම් බොහෝවිට ඔබගේ සෙවුමට අදාල නොවන අනවශ්‍ය බොහෝ ප්‍රතිථල දැකගත හැකි වේ.


Keywords කිහිපයක් භාවිතය

Keywords එකක් යනු අප සෙවීම කරන යෙදුමයි.උදාහරණයක් ලෙස අපට ත්‍රිමාණයට අදාල යමක් සෙවීමට 3D ලෙස යොදා සෙවිය යුතුය.නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍ය වන්නේ 3D wallpapers නම් Keyword එක 3D wallpapers විය යුතුය.එසේම එය 3D Max මගින් නිර්මිත ඒවා විය යුතුනම් 3D Max wallpapersලෙස Keyword එක සදහන් කලයුතුය. එසේ Keyword කිහිපයක් යොදන්නේ නම් ඔබට අවශ්‍ය දෙය වඩා නිර්වද්‍ය ලෙස සොයාගත හැකි වේ.


ගූගුල් Suggest භාවිතය

ඔබ ගූගුල්හි සෙවීමක් කිරීමේදී ගූගුල් මගින් ඔබ සොයන Keyword එකට අදාළව ඉතා ආසන්න Keyword කිහිපයක් ලබා දෙයි.ඒවා මගින්ද ඉතා නිරවද්‍ය ලෙස සෙවීම කල හැකි වේ.




Operators භාවිතා කිරීම

ගූගුල් සදහා බොහෝ Operators ඇත.නමුත් මෙහිදී ඔබට අත්‍යවශ්‍ය Operators කිහිපයක් පිළිබද පමණක් අවධානය යොමු කරමු.


Negative Keyword

මෙහිදී ඔබට සෙවීමට යොදන Keyword එකෙහි පාද මාරු කොට නැවත ලිවීමයි.උදාහරණයක් ලෙස 3D wallpapers යන්න wallpapers 3D ලෙස යොදා සෙවීම කරන්න.


Quote

සෙවීමකදී අවශ්‍ය Keyword එකක් අනිවාර්යෙන්ම අන්තර්ගත විය යුතුනම් ඔබ කල යුත්තේ එම Keyword කොටස Quote වලින් දැක්වීමයි.උදාහරණයක් ලෙස wallpapers වීම අත්‍යවශ්‍ය නම් 3D "wallpapers" ලෙස යෙදිය හැක.


අවශ්‍ය එක් වෙබ් අඩවියක් තුල පමණක් සෙවීම

මෙහිදී site: ලෙස මුලින් සදහන් කර ඉන්පසු අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කර සෙවීමේ යෙදුම ලිවිය යුතුය.site://wikipedia.org"sri lanka" යන්න උදාහරණ ලෙස ගත හැක.


Advanced search

සාමාන්‍ය සෙවීමකදී ඔබට අවශ්‍ය නිවැරදි තොරතුර ලබා ගැනීමට අපහසු අවස්ථාවකදී අප කල යුතු හොදම දෙය වන්නේ Advanced search වෙතට පිවිසීමයි.එහිදී ඔබට අවශ්‍ය Keyword කිහිප ආකාරයකින් යෙදිය හැකි අතර එහි අන්තර්ගත නොවිය යුතු Keyword,සෙවිය යුතු භාෂාව ෆයිල් එකක්නම් එහි ප්‍රමාණය වැනි බොහෝ කරුණු සමගින් ඉතා නිර්වද්‍ය සෙවීමක් කල හැකි වේ.




ඉමේජ් සර්ච්

යම්කිසි පින්තූරයක් අන්තර්ජාලයේදී සර්ච් කිරීමේදී එහි Keyword එක භාවිතා කර සර්ච් කරනවාට වඩා පහසු ක්‍රමයක් තිබේ.උදාහරණයක් ලෙස ඔබ ලග ඇති ඉමේජයේ වැඩි රෙෂලූෂන් අගයක් ඇති එකක් සොයාගැනීමට ඔබට අවශ්‍ය යැයි සිතමු.එවැනි අවස්ථාවකදී ගූගුල් ඉමේජ් සර්ච් කිරීමක් කල හැකි වේ.ඒ සදහා ගූගුල් ඉමේජ් සර්ච් වෙත ගොස් එහි Keyword ඇතුල් කිරීමට ඇති ස්ථානයේ දකුණු පස කෙලවරින්ම ඇති කැමරාවක් හැඩය ගත් අයිකනය ක්ලික් කරන්න.එවිට ඔබට ඔබගේ ඉමේජ් එක ඇති තැන යූආර්එල් එක පේස්ට් කර සර්ච් කිරීමට හෝ ඔබගේ පරිගනකයේ ඇති ඉමේජ් එකක් අප්ලෝඩ් කර සර්ච් කිරීමට පුලුවන.අප්ලෝඩ් වන වේගය ඔබගේ ඉන්ටර්නෙට් සම්භන්දතාවය හා ඔබගේ ඉමේජ් එකේ සයිස් එක මත රදාපවතී.




වෙනත් සර්ච් එන්ජින් භාවිතා කිරීම

මේ ආකාරයෙන්ද ඔබට වෙනස් ආකාරයේ සෙවුම් ප්‍රථිපල ලබාගත හැකි වේ.එකම Keyword වුවත් වෙනස් වෙනස් සර්ච් එන්ජින් වලින් ලබාදෙන සෙවුම් ප්‍රතිථල එකිනෙකට වෙනස් වේ.