නොමිලේ ලබාදෙන සේවාවක් වන මෙමගින් Facebook, Twitter, Youtube, Google +, Flickr, Vimeo, Pinterest, Skype, Tumblr, Linkedin, Gravatar, Xing, Viadeo, Slideshares, Foursquare සහ About.me යන සේවාවන්ට අදාල ප්‍රොෆයිල් පින්තූර සහ කවර පින්තූර සාදාගැනීමට පුළුවන්. ඔබ කැමති පින්තූරයක් අප්ලෝඩ් කර එය නිවැරදි අඅකාරයෙන් සයිස් කොට, අලංකාර ඉෆෙක්ට්ස් එකතු කර අගනා ප්‍රොෆයිල් පින්තූරයක් නිර්මාණය කරගත හැකියි. පහත සබැඳියෙන් මෙම සේවාව සපයන වෙබ් අඩවියට පිවිසිය හැකියි.
වෙබ් අඩවියට පිවිසි පසු එහි වම් පස තීරුවේ ඇති වෙබ් සේවා වලින් ඔබට අවශ්‍ය එක තෝරාගන්න. ඉන්පසු ඒ යටතේ ඇති පින්තූරයක් තෝරා එහි යටින් ඇති Create බට්න් එක ඔබන්න. උදාහරණයක් ලෙස Facebook යටතේ ඇති Cover image සැලකිය හැකියි.
ඉන්පසු ඔබට පහත පරිදි පිටුවක් දිස් වනවා. ඒ මතට පින්තූරයක් Drag කර Drop කිරීම මඟින් හෝ එය මත ක්ලික් කර හෝ පින්තූරයක් අප්ලෝඩ් කරගත හැකියි.
අනතුරුව ඔබව යොමු වන්නේ crop කිරීමේ පිටුව වෙතයි. එහිදී පින්තූරයේ ප්‍රමාණය වෙනස් කර, පැති මාරු කර, රොටේට් කර ඔබගේ අවශ්‍යතාවය පරිදි ක්‍රොප් කරගත හැකියි. උඩ ටූල්බාර් එකෙහි ඇති ටූල්ස් මේ සඳහා භාවිතා කිරීමට පුළුවන්. සාර්ථකව crop කර අවසානයේ උඩ ටූල්බාර් එකෙහි අඑති Apply බට්න් එක ඔබන්න.
මීලඟට ඔබව යොමුවන පිටුවෙන් විවිධ Effects එකතුකර පින්තූරය අලංකාර කරගැනීමට හැකියාව තිබෙනවා.
අවසානයේ Download බට්න් එක ඔබා පින්තූරය ඩවුන්ලෝඩ් කරගැනීමට පුළුවන්.