Tuesday, November 5, 2013

Extract කරන්න බැරි winrar file extract කරමු.

අපි සමහර  වෙලාවට අන්තර්ජාලයෙන්  Download කරන ගොනු තියෙන්නේ Winrar වැනි
සොෆ්ට්වෙයා එකකින් Compress කරලා .Zip , .rar ගොනුවක් විදිහටනේ. ඉතින් සමහර වෙලාවට ඔය zip , rar ෆයිල් එකක් 100% ක් Download වෙලා තිබුනත්  Extract කරගන්න ගියාම  CRC Error , The archive is
 either in unknown format or damaged කියන වගේ එක එක   Error Message එනවනේ. ඉතින් ආයෙත් මේ වගේ Error Message එකක් ආවොත් ඔයාලා මෙන්න මේ ක්‍රම 2 ට්‍රයි කරලා
බලන්නකෝ. බොහෝවිට ඔයාලට හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි. මෙහෙමයි වැඩේ කරගන්නේ.

Winrar අලුත්ම Version ඕණ නම් මෙතනින් බාගන්න.

මේ තියෙන්නේ එන Error Message එකක්.

පලවෙනි ක්‍රමය :-

හරි. ඔයාලට Extract කරගන්න බැරි Zip , rar ගොනුව Winrar වලින්ම Open කරගන්න ( Error එක Close කරලා දාන්න )

හරි ඊලගට Winrar වල Tools >>> Repair Archive ක්ලික් කරන්න.

ඊලගට එන පොඩි Reparing < File Name > Window එක OK කරන්න. ( කැමතිනම් Output Folder එක වෙනස් කරගන්න. )

Reparing Window එක OK කරපු ගමන් අර Damage වෙලා තියන File එක Repair වෙලා මෙන්න මෙහෙම ” DONE ” කියලා පෙනෙයි.

හරි ඊලගට ඔයාලා Repairing Window එකට දුන්න Output Window එකට යන්න. එතන ඇති ” rebuilt< File Name > එතනත් Zip , rar ගොනුවක්. ඒක Open කරන්න.
එතකොට අපිට කලින් Open කරන්න බැරි උන ගොනුව සාමාන්‍ය විදිහට ගැටලුවක් නැතුව Open කරගන්න පුලුවන්.

2 වන ක්‍රමය :-

Open කරගන්න බැරි  Zip , rar ගොනුව උඩ Right Click >>> Extract Files ක්ලික් කරන්න.

ඊලගට එනවා  Extraction path and option කියලා Window එකක්.

ඒ  Window එකේ  Miscellaneous යටතේ තියන Keep Broken File කියන තැනට හරි සලකුණ දාලා OK කරන්න.

Ok කරපුවම File එක සාමාන්‍ය විදිහට Extract වෙයි. ඊට පස්සෙ අපිට සාමාන්‍ය විදිහට විදිහට ඒකේන් වැඩ කරගන්න පුලුවන්.

ගත්තේ පොඩි පොඩි දේවල් බ්ලොග් එකෙන්.