Tuesday, November 5, 2013

zip file එකක ඕන දේවල් විතරක් download කරමු.

ZIP file එකක් download කරන්න ඉස්සෙල්ල ඇතුලේ තියෙන්නේ මොනවද කියල බලන්න විදියක්.මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා, මොකක් හරි ලොකු zip file එකක් ඇතුලේ තියෙන පොඩි දෙයක් විතරක් download කරගන්න ඕනේ නම්.

උදාහරණයක් විදියට මොකක් හරි software එකක් අපි computer එකට install කරලා තියෙනවා අපිට එකේ serial key එක හොයාගන්න නෑ.නෙට් එකේ search කලාම key තියෙන්නේ software එකත් එක්කම zip file එකක නම් අපි බොරුවට data ඉවර කරගෙන full file එකම download කරගන්න ඕනේ නෑනේ.


මේකට යොදාගන්න භාණ්ඩේ තමයි Iczelion’s HTTP Zip Downloader

මෙතනින් ගන්න

(මේ tool එක ගැන කියනවා නම් මේක 1998 හදපු open source එකක් ඒ වුනාට windows 7 වලටත් කිසි අවුලක් නැතුව වැඩ.)

දැන් කරන්න තියෙන්නේ direct download ලින්ක් එක URL කියන box එකේ එන්ටෙර් කරලා connect button එක click කරන්න.
දැන් යටින් තියෙන box එකේ අපි download කරන්න යන file එකේ ඇතුලේ තියෙන ඒවා ටික පෙන්නෙනවා.දැන් තියෙන්නේ අපිට ඕනේ ටික download කරගන්න විතරයි.
To download multiple files, press and hold the Ctrl key while using your mouse cursor to select.