Monday, November 11, 2013

ඕනෑම ජංගම දුරකථනයකින් නොමිලේ Facebook යන්න



“ ඔන්න මුලින්ම කියන්න ඕනේ මෙම ලිපිය සම්පුර්ණයෙන්ම කියවලා අවසන් වූ පසු මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන්න....නැත්නම් මගදී වැඩේ දෙල් වෙයි …. තවත් දෙයක් මුලින්ම මෙම ක්‍රමය කියලා දුන්නේ අපි තමා හොදේ...... ”


වර්තමානය වන විට facebook සදහා ඇබ්බැහි වී ඇති සංඛ්‍යාව වැඩි වෙමින් පවතී... අන්තර්ජාලයට පිවිසි පසු facebook තුලට විපිසිම ද අනිවාර්ය කරගෙන ඇත..එම ඇබ්බැහි වී ම තුලින් mobile networkers ලාටත් ඉතින් පුදුම සතුටක් තමා තියෙන්නේ..සල්ලි ගර ගර ඉන්න පුළුවන් උතින් ....සමහරුන්ට දවසට ෆෝන් එකෙන් හෝ facebook වෙත පිවිසියේ නැත්නම් එදාට කෑවේ නැ වගේ තමා... ඇයි මේ පලක් නැති දෙකට මෙච්චර මුදල් වියදම් කරන්නේ... facebook යන කාලය තුල අන්තර්ජාලයෙන් වෙනත් දැනුමක් රැස්කගත්තොත් එය අපිට ඉතාමත් වටිනවනේ....පලක් නැති දෙයකට නිකරුනේ මුදල් වියදම් කරන්න ඕනේ නැ... මම දෙන්නම් එකට නියම විසදුමක් ...මම අද ඔයාලට කියලා දෙන්නම් ඕනෑම ජංගම දුරකතනයකින් නොමිලේ ඕනෑම සිම් එකකින් facebook යන්න විදියක්.... කොහොමද වැඩේ.....??? (එකට ඉතින් කරලම බලන්න ඕනේ නේ....) .


මම හිතන විදියට මෙම ක්‍රමය mobile networkers ල දන ගත්තා කියල මෙම ක්‍රමය නැති කරන එකක් නැ... අර hutch free internet යන එක වගේ....එම ක්‍රමය නැති කර ගමන් අපේ කට්ටිය මගෙන් ඇහැව්වා තව free FB යන්න ක්‍රමයක් එහෙම නැද්ද කියලා.... ඔන්න එහෙනම් එම පැනයට දැන් විසදුමක් දෙන්නයි යන්නේ....


මෙම ක්‍රමය කරන්න කලින් කොන්දේසියකුත් තියනවා .....??? ,

මෙම ක්‍රමය කිරීමට කලින් ඔබගේ facebook ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය...
ඒ සදහා මෙතනින් යන්න..... මෙතනින් කියන තැනට click කරන්න එවිට ලැබෙන page එකේ ඔබගේ facebook ගිණුමේ account settions වල තිබෙන login appravl කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න.. ටික් එක දමා නැත්නම් හරි.... පහල පින්තුරේ ආකාරයට .....

තවත් දෙයක් ඔබ මෙම ක්‍රමය airtel sim එකින් කරනවානම් කිසි මුදලක් ය නොවන අතර dialog එකෙන් සිදු කරනවානම් දවසට රුපියලක් වැනි මුදල් ය වේ. අනෙකුත් සිම් පත් සදහා මෙය ක්‍රමය වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න එම අවාසිය තිබුනද Airtel සහ Dialog සිම් පත් දෙක භාවිතා කර ඕනෑම දුරකතනයකින facebook වෙත පිවිසීමේ වාසිය ඇත .

හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු....
හරි මුලින්ම පහල දීල තියෙන code එක ඔයාගේ ෆෝන් එකේ ගහල call ගන්න button එක ඔබන්න …

*325#


තවත් දෙයක් සමහර අයගේ only numbers වෙන්න පුළුවන් email එක ගහන්න දුන්නේ නැත්නම්.. වෙන phone එකට සිම් එක දාල වැඩේ කරගන්න...

හරි ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් ලැබේ.... එකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook email එක. එම මැසෙග් එකට reply එක විදියට ඔයාගේ facebook email එක ගහල යවන්න....(මුලින්ම මම සිංහල භාෂාව දීපු නිසා සිංහලෙන් වැටෙන්නේ ඔබ මුල් වතාවට යන නිසා English වලින් ලැබේ )




ඉන් පසුව පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ.. එකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook password එක... දැන් ආව මැසෙග් එකේ reply එක විදියට ඔයාගේ facebook password එක දීල sent කරන්න....



ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් එයි.... එකෙන් අහන්නේ ඔයාට අවශ්‍ය භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න. සිංහල කියන එක දුන්නොත් ඔයාට වැඩේ ලේසි වෙයි.... ඔබට අවශ්‍ය භාෂාවට අදාළ අංකය type කර sent කරන්න....
1. නම් English
2. නම් සිංහල

හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ්‍ය භාෂව තෙරු පසු පහල ආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. එකෙන් ඔබට අවශ්‍ය කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන් පසු ඔබේ facebook ගිණුමට අදාළ විස්තර ලබා දේ....



1. News feed
2. Update status
3. Post on wall
4. Friend Request
5. Messages
6. Notifications
*Account Settions

ඔබ English භාෂව තෙරුවෙනම් ඉහල ආකාරයට තමා ඔබට තෝරන්න අවශ්‍ය කොටස් ටික ලැබෙන්නේ....සිංහල භාෂාව තෙරුවෙනම් English අංගයන්ට අදාළ සිංහල වචනය english අකුරුවලින් ලැබේ... පහල ආකාරයට (පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එක දුන් පසුවය.පහල ආකාරයේ මැසෙග් එකට reply එක විදියට 1. ඔව් කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න.)

Obata obe facebook account ekata 071******* add karaganeemata awashyada ?

සිංහල භාෂාව තේරුවට පසුව ලැබෙන්නේ පහල ආකාරයට ...,
1. aluth puwath danaganna
2. Status Update karanna
3. Wall eke liyanna
4. Aluth mithuran
5. Paniwida
6. Danweem
*Account setting venas kireemata

මෙහි ඇති වටිනා පහසු කමක් වන්නේ online ඉන්න අයව බලාගැනීම සහ ඔවුන් සමග නොමිලේම chat කිරීමේ පහසුවද ඇත.....ඒ සදහා english නම් Messages කියන එකට ගිහින් බින්දුව type කර sent කරන්න.....
ගිණුමෙන් logout වී වෙනත් ගිණුමකට log වීමට අවශ්‍ය නම් * type කර පසු පහල ආකාරයට ලැබේ... එතනින් ඔබට logout වීමේ හැකියාව ඇත. එතනින් ලබා ගත හැකි වෙනත් සේවා වන්නේ ,

1. Logout
2. Notification Settions
3. Birthday Remember Notifications
4. Change language
5. Unsubscribe
වැනි පහසුකම්ද ඇත. එමගින් ඔබට අවශ්‍ය වෙනස් කිරීම් සිදු කරගත හැකිය...