Monday, November 11, 2013

බ්‍රවුසරයට ඩික්ෂනරියක් එක්කර දෙන අලුත්ම LKTips සංස්කරණය



අප බොහෝ දෙනෙකුගේ ගේ මවු භාශාව වන්නේ සිංහල. නමුත් කවුරු කෙසේ කීවත් ඉංග්‍රීසි භාෂා ඥාණය අද අවශ්‍ය කාරණයක් වී හමාරයි. එදිනෙදා පරිගණක සහ අන්තර්ජාලය භාවිතයේ යෙදෙන අපට දිනකට නොදන්නා ඉඅග්‍රීසි වචන ගණනාවක්ම හමුවනවා. ඔබ වෙබ් පිටුවක් කියවන විට හමුවන ඉංග්‍රීසි වචන වල තේරුම එම “වචනය උඩින් මවුසය තැබීමෙන් පමණක්” බලා ගැනීමට LKTips ඇඩෝනය භාවිතා කළ හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති. අප LKTips ඇඩෝනයේ 3වන සංස්කරණය මෙම ලිපියත් සමඟ නිකුත් කරණවා. මෙම අලුත් සංස්කරණය මගින් ඕණෑම සිංහල හෝ ඉංග්‍රීසි වචනයක තේරුම, අර්ථ දැක්වීම හා සමාන වචන බලාගත හැකි  Dictionaryයක් බ්‍රවුසරයටම එක් කර දෙනවා.
සුපුරුදු ලෙසම ඇඩෝනය ස්ථාපනය කළ පසු නොදන්නා ඉංග්‍රීසි වචනයක් මතට මවුස් පොයින්ටරය ගෙනගිය පසු එහි තේරුම සිංහලෙන් පෙන්වනවා.
lktips_3
ඊට අමතරව ඔබගේ බ්‍රවුසරය ඉහළ දකුණු කෙළවරේ LK Dictionary අයිකනය දක්නට ලැබේවි. ඒ මත ක්ලික් කර Dictionary එක ලබාගත හැකියි.
Install LKTips v3 for Firefox
lktips_1
මෙම ඩික්ෂනරියේ සිංහල වචන මෙන්ම ඉංග්‍රීසි වචනද සෙවිය හැකියි. එම වචන වල ඉංග්‍රීසි අර්ථ දැක්වීම මෙන්ම එයට සමාන අනෙකුත් වචනද බලා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා.
Install LKTips v3 for Firefox
lktips_2
LKTips V3 නිර්මාණයේදී LK Dictionary එක ඇඩෝනය හා සම්බන්ධ කිරීමට අප තීරණය කළා. ඒ අනුව වෙබ් පිටුවක් කියවන විට හමුවන නොදන්නා ඉංග්‍රීසි වචන හයිලයිට් කොට ඒ මත රයිට් ක්ලික් කර Search LK Dictionary විධානය ලබාදීම මගින් ඔබව LK Dictionary පිටුව වෙත යොමු වනවා.
Install LKTips v3 for Firefox
lktips_4
එහිදී ඔබට වචනයේ තේරුම, අර්ථදැක්වීම හා සමාන වචනයන්ට අමතරව එය ඉංග්‍රීසියෙන් ශබ්ධ කරන ආකාරයද ඇසිය හැකියි.
lktips_5
පහත සබැඳියෙන් ඔබගේ Firefox වෙබ් බ්‍රවුසරය සඳහා LKTips v3 ස්ථාපනය කරගන්න.

Install LKTips v3 for Firefox

උපුටා ගත්තේ ලයන්.lk  එකෙන්