Monday, February 3, 2014

mouse tricks





1.ඔයාලා චේදයේ හෝ වාක්‍යයක් text select කරගන්න ගියම පුදුම දුකක් විදිනවනේ එහෙනම්

මෙන්න ලෙසිම ක්‍රමය​,ඔබට කරන්න තියෙන්නේ ඔබට select කරගන්න අවශ්‍ය චේදයේ හෝ වාක්‍යයේ මුල් අකුර මත Mouse එකෙන්click කර, Shift key එක ඔබාගෙන අවසාන අකුර පිටුපසින් Mouse එකෙන් click කරන එකයි.




2.කවදා හරි ඔබට document එකකින් text කිහිපයක් පමණක් select කරගන්න අවශ්‍ය වෙලා තියෙනවද? එහෙමනම් සමහර විට ඔබ කරන්න ඇත්තේ ඔබට අවශ්‍ය text එකින් එක select කරගෙන copy කරගන්න ඇති, එහෙම නැතිනම් ඔක්කොම text ටික copy කරගෙන අනවශ්‍ය text delete කරන්න ඇති. එයිට වඩා සාර්ථක ලේසි විසදුමක් තමයි මේ කියන්න යන්නේ.

මුලින්ම ඔබට select කරගන්න අවශ්‍ය text ටික සාමාන්‍ය විසියට select කරගන්න. ඊට පස්සේ Ctrl key එක press කරගෙන ඊලග text select කරන්න.




3.මේ විදියටම Ctrl press කරගෙන ඔබට පුළුවන් folders හා files ගොඩක් අතර තිබෙන folders/files අතරින් ඔබට අවශ්‍ය folders හා files පමණක් select කරගන්නත්.




4.ඔබ දනනවා ඕනෑම file එකක් හෝ folder එකක් මත right click කලහම විවිද actions සහිතව menu එකක් ලැබෙනවා කියල. ඉතින් ඕකට කියන්නේ right click context menu කියලයි. ඉතින් ඔබ දනන්වද මේ right click context menu එකේ සගවිච්ච options තිබෙන බව.?

ඔබට කරන්න තියෙන්නේ Shift key එක press කරගෙන Right Click කරණ එකයි. එවිට සැගවී තිබූ options සමගින් right click context menu එක ඔබට දැක ගන්නට පුළුවන්.



5.Image Viewers, document editors, browsers වැනි බොහොමයක් applications වගේම windows explorer එක පවා ඔබට zoom in හා zoom out කරගන්න පුළුවන්. සමහර applications වලට ඒ සදහා keyboard short cuts තියෙනවා. එහෙම නැතිනම් ඒ සදහාම tools තියෙනවා.

ඔබට පුළුවන් මේ වැඩේට mouse එක බාවිතා කරන්න. Ctrl key එක ඔබාගෙන mouse එකේ scroll wheel එක බාවිතාකර ඔබට පුළුවන් zooming ක්‍රියාකාරකම් ලේසියෙන්ම කරන්න. කවදාවත් ට්‍රයි කරලා නැද්ද මේ වැඩේ?





6.ඔබ ගොඩක් දෙනෙක් windows එක maximize කරගන්න Title bar එක මත double click කරනවා ඇති. නමුත් කවදා හරි title bar එක මත double click කරලා windows එක close කරන්න උත්සහ කරලා තියෙනවද? එහෙනම් පහත රුපයේ උපදෙස් අනුව try එකක් දෙන්න බලන්න




7.ඔබ දනනවා සමහර links තියෙනවා browser එකේ වෙනම tab එකක open වෙනවා. තවත් සමහරක් links ඒ tab එකේම open වෙනවා. ඒ නිසා link එකක් වෙනම tab එකක open කරගන්න ඕනේ විට අපි කරන්නේ link එක මත right click කරලා ලැබෙන option menu එක මගින් අලුත් window එකකින් ඒ ලින්ක් එක open කරගන්නවා.

ඔබ දනන්වද Ctrl key එක ඔබාගෙන ඕනෑම link එකක් මත ක්ලික් කරලා අපිට පුළුවන් ඒ ලින්ක් එක වෙනම tab එකක open කරගන්නට. ඒ වගේම mouse එකේ scroll wheel button එක මගින් ඕනෑම link එකක් මත ක්ලික් කල විට එය open වෙන්නේ අලුත් tab එකකයි.
 
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි  
 


 

No comments:

Post a Comment