ත්වරන සංවේදකයකින් කරන්නේ එම උපකරනෙයට දැනෙන බලය මනින එකයි. අර නිවුටන්ගේ නියමයට අනුව බලයත් ත්වරනයත් සමානුපාතික නිසා මෙවායින් ත්වරනය මනින ලෙස සැලකීමට පුලුවන්. මේවා නිශ්චලව තියෙන කොට පොලොවෙන් ඇතිකරන ගුරුත්වජ ත්වරනය සටහන් කෙරෙන අතර නිදහස් වැටීමකදී බිංදුව අගයක් පෙන්වයි.
ගුරුත්වජ ත්වරනය ඇති දිශාව මෙමගින් සොයාගත හැකිනිසා කැමරා, mobile phone ආදී උපකරන වල තිරය (screen) අල්ලගෙන සිටින දිශාව සොයා ගෙන ඒ අනුව දර්ශනය වෙනස් කිරීමට (කරකැවීමට) බහුලවම පාවිච්චි කරනවා (landscape portrait screen rotation).
මේවා අඩංගු උපකරනයක් අරගෙන ඇවිදින කොට තබපු පියවර ගනන, ඇවිදපු දුර වගෙ දෙවලුත් ලබා ගන්න පුලුවන්. තව GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා. ඒ වගේම චලන ඉඟි (motion gesture) මගින් විධාන දීම දැන් ජනප්‍රිය වීගෙන යනවා.
(2) ස්පර්ශ සංවේදක (touch sensors)
මේවාට බොහෝම වෙලවට ටච් ස්ක්‍රීන් (touch screen) කියලත් කියනෙවා. මේවා කරන්නේ ඇගිල්ලකින් හෝ විශේෂ පෑනකින් කරන ස්පර්ෂයන්, තෙරපීම් හදුනා ගැනීමයි. ඉතින් තිරය මත දිස් වෙන යතුරු පුවරුවක් හෝ බොතමක් එබීමට මෙවා බහුලවම යොදා ගන්නෙවා. ඒ වගේම ස්පර්ශ ඉඟි (touch gestures) මගින් යම් යම් දේ කර ගැනීමටත් මේවා යොද ගන්නෙවා. උදාහරනයක් විදිහට ඇඟිල්ල තිරය මත ඉහල සිට පහලට ඇතිල්ලීමෙන් ස්ක්‍රොල් කිරීම. තව වැදගත් දෙයක් තමයි මේ ස්පර්ශ් සංවේදක තිරයත් එක්කම තියෙන් ඕනෑ නැහැ. දුරකථනයේ වෙනත් කොටස් මතත් මේ සංවේදක සවි කරන්න පුලුවන් (උදා. HTC - Touch Diamond මතකද දන්නෑ කට්ටියට).
(3) ආලෝක සංවේදක (light sensors)
ආලොක සංවේදක බොහොම සරල සෙන්සර වර්ගයක්. මේවයින් අවට පරිසරයේ ආලෝක තත්වය(තීව්‍රරතවයා ගැන මිනුමක් ලබා දෙනෙවා. දැනට ජංගම දුරකථන වලට මෙයින් ඇති ප්‍රයෝජනය තමයි අවට ආලෝකය අනුව තිරයේ දීප්තිය සීරුමාරු කිරීමයි. මෙමගින් පාවිච්චි කරන්නාට හොද දර්ශනයක් ලබා දෙනෙවා වගේම බැටරි ඉතිරිකිරීමත් සිද්ධ වෙනවා.
සැම්සුන්ග් ඔම්නියා (SGH-i900) හි ආලෝක සංවේදකය
මෙම සෙන්සර මගින් යමක් අසල ඇති බව හදුනාගනියි. මේ සදහා ස්පර්ශ වීම අවශ්‍ය නොවේ. දැනට ජංගම දුරකථන වල මේවා භාවිතා කෙරන්නේ ඇමතුමක් සම්බන්ධව තියෙනකොට ස්පර්ශ සංවේදක (touch screen) ක්‍රියාවිරහිත (disable) කිරීමෙන් අනවශ්‍ය ලෙස තිරෙයේ දිස්වෙන දේ ක්‍රියාකිරීම වැලැක්වීමටයි.
නොකියා 5800 හි ආලෝක හා සමීපත්ව සංවේදක
(6) විභ්‍රමණේක්ෂ සංවේදක (gyroscope sensors)
ත්වරන සංවේදකයකින් සරල චලිත සොයා ගන්න පුලුවන් උනත් බ්‍රමන චලිත හොයගන්න අමරුයි. ඒකට තමයි මෙ සෙන්සර් වර්ගය තියෙන්නෙ. ඒ කියන්නේ මේකෙන් phone එක කැරකැවීමක් වෙනවද, කරකැවෙන වේගය වගේ දේවල් මෙකෙන් ලබා ගන්න පුලුවන්.GPS භාවිතවෙන් මග සොයගනීමේ වැඩ වලට මෙයින් ප්‍රයොජන ගන්න පුළුවන්